About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chettinad Chicken Biryani - චෙට්ටිනාඩ් චිකන් බිරියානි

ඉන්දියානු ක්‍රමයට චෙට්ටිනාඩ් චිකන් බිරියානි හදන්න තමා දැන් කියලා දෙන්න යන්නෙ. මම රයිස් කුකර් කප් දෙ…
Chettinad Chicken Biryani - චෙට්ටිනාඩ් චිකන් බිරියානි
ඉන්දියානු ක්‍රමයට චෙට්ටිනාඩ් චිකන් බිරියානි හදන්න තමා දැන් කියලා දෙන්න යන්නෙ. මම රයිස් කුකර් කප් දෙකක බාස්මති හාල් වලින් මේක හැදුවේ.

අවශ්‍ය දේවල්:
  • සෝදා විනාඩි 20 පමන පොගවා ගත් සහල්
  • තක්කාලි ගෙඩි දෙකක්
  • බීලූනු ගෙඩි දෙකක්
  • අමුමිරිස් කරල් 5,6
  • හීනියට ගාගත් පොල් කප් එකක්
  • සුදුලූනු අමුඉගුරැ පේස්ට් මේස හැදි දෙකක්
  • කොත්තමල්ලි කුඩු මේස හැදි දෙකක්
  • ගරම් මසාලා මේස හැදි දෙකක් තුනක්
  • මිරිස් කුඩු මේස හැන්දක්
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක්
  • කහකුඩු තේ හැදි දෙක හමාරක්
  • කොත්තමල්ලි හා මින්ට් කොල ටිකක්
  • කරපිංචා කොල දෙකතුනක්
  • චිකන් ලොකුවට කපාගත් කෑලි 6,7
  • තෙල්
  • උනු වතුර
  • රස අනුව ලුනු

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තැටියක් ලිප තබා තෙල් මේස මේස හැදි දෙකක් පමන දමා අමුමිරිස් ටික එක්කරන්න.
  • මදක් බැදෙනකොට පොල්ටික එක්කරන්න කහ කුඩු හැදි බාගයක් එක්කර කලවම්කරන්න.
  • බ්ලෙන්ඩරයට මේ ටික එක්කර ඇල්වතුර ස්වල්පයක්ද එක්කර පේස්ට් එකක් සකසා ගන්න.
  • ලොකු ඉඩ ඇති බාජනයක් ලිප තබා එයට තෙල් මේස හැදි 4, 5 එක්කරන්න. බීලුනු හා ඉගුරැ පේස්ට් එක එක්කර බැදෙන්න හරින්න.
  • කහකුඩු ඇතුලු ඉහත කුළුබඩු ඔක්කොම එක්කරන්න. තක්කාලි එක්කරන්න. කරපිංචා මින්ට් කොත්තමල්ලි කොලත් එක්කරන්න.
  • දැන් අඹරාගත් පොල් පේස්ට් එක එක්කර ටිකක් උකුවෙන්න හරින්න. ලුනු එක්කරන්න. චිකන් ටික එක්කරන්න.
  • මදවෙලාවකින් නටවාගත් උනුවතුර බත ඉදෙන්න ඇති පමන එක්කරගන්න. වතුර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නෑ. උනුවතුර නිසාත් හාල් පෙගුන නිසාත් ඉක්මනින් ඉදෙනවා.
  • දැන් හාල් ටිකත් එක්කර මධ්‍යම පමනට ගින්දර ඇතුව උයාගන්න.



ලිපිය ලිව්වේ: Shamila Kosalee මහත්මිය. ඇය මේක උපුටාගෙන තිබුනේ ඉන්දියානු ආහාර වට්ටෝරැ පිටුවකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment