About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Milk Curry - කිරි හොඳි

හැඳි නොගා හදන කිරි හොද්ද ගුටි නොගහා හදන ලමයි වගේලු. කවුරු කිව්වත් කතාව ඇත්ත තමා. මේ කියන්නේ කිරි හො…
Coconut Milk Curry - කිරි හොඳි
හැඳි නොගා හදන කිරි හොද්ද ගුටි නොගහා හදන ලමයි වගේලු. කවුරු කිව්වත් කතාව ඇත්ත තමා. මේ කියන්නේ කිරි හොඳි හදන හැටි. අපේ අක්කලාට නම් ආයෙ මේකෙ දැනගන්න දෙයක් නැතුවත් ඇති. කුස්සියට අලුත් නෝනලාටයි මේ...

අවශ්‍ය දේවල්:
  • අබ, සූදුරු සම ප්‍රමාණයෙන් අඹරගන්න
  • මිටි කිරි සහ දිය කිරි
  • ලූනු
  • අමු මිරිස්
  • රම්පෙ, කරපිංචා
  • කහ
  • උලුහාල් (විනාඩි 10ක් දියේ දාලා ගන්න තිත්ත ගතිය ඇරෙන්න)
  • සේර පොඩි කෑල්ලක්
  • කුරුඳු පොතු කෑල්ලක්
  • පුංචි ගොරකා කෑල්ලක් (අකමැති නම් දෙහි අඹුල් හෝ සියඹලා ඉස්ම ටිකක් ගන්න වඩා රස මෙහෙම)

සාදාගන්නා ආකාරය:
  • වතුර ටිකකට කිරි හැර අනිත් සියල්ල දමා තම්බාගන්න. (ගොරකා නැතුව වෙන දෙයක් දානවනම් ඒවත් තැම්බෙන්න දාන්න එපා). කැමතිනම් මේ ටික තම්බන්නේ නැතුව තෙම්පරාදු කරන්න. එහෙමත් රසයි. තෙම්පරාදු කරල අබ එහෙම දාලා කිරි හොඳි හදන්නේ දෙමල ජාතික අය හුඟක්ම.
  • තැම්බුනාට පසු මුලින් මිටි කිරි දමා හොද්ද අවශ්‍ය පමණට දිය කිරි එක් කරගන්න. කිරි දැම්මට පස්සෙ එහෙ මෙහෙ දුවන්න තියාගන්න එපා ලමයි. කිරි හොද්ද හැඳි ගාන්න ඕනෙ යන්තම් උකු ගතියට හැරෙනකම් නොනවත්වාම. නැත්නම් හොද්ද කැටි ගැහෙනවා.
  • ලිප නිවලා වෙන තැනකට වලඳ අරන් තවත් මිනිත්තු කීපයක් හැඳිගාන්න.
  • ඔන්න කිරි හොද්ද හරි.
  • ගොරකා නොදාපු අය දෙහි හෝ සියඹලා ඉස්ම දාගන්න. ගොරකා දාපු අය ඒක ඉවත් කරන්න හොද්දෙන් නැත්නම් අඹුල් වැඩි වෙයි.

වැදගත්:
  • සමහර පැති වල ගොරකා දාලා හදන හොද්ද තමයි කිරි හොද්ද කියලා හදුන්ව්න්නේ. ඇබුලට සියබලා දාන හොද්ද සියබලා හොද්ද ලෙසත්, දෙහි දාන හොද්ද දෙහි හොද්ද ලෙසත්, තක්කාලි දාල හදන හොද්ද තක්කාලි හොද්ද ලෙසත්, බිලිං දාලා හදන හොද්ද බිලිං හොද්ද ලෙසත් නම් ගොඩකින් හදුන්නවා. ඇබුලට දාන දේ අනුව තමයි නම වෙනස් වෙන්නේ.

පිට්ටු එක්ක කන්න නම් කිරිහොදි තමා කියාපු දේ.





ලිපිය ලිව්වේ: විශ්මි විසිණි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment