මේක උලුදු වඩේ කනකොට එහෙම හදාගත්තා ගන්න නියමයි.
අවශ්‍ය දේවල්:
- වියලි මිරිස් කරල් දෙක තුනක්
- ගා ගත් පොල් කෝප්ප එකක්
- ලියාගත් ලූනු අමුමිරිස් ටිකක්.
- තල ගත් සුදු ලූනු බිකක්
- සූදුරු මේස හැන්දක්
- ගම්මිරිස් සහ ලුනු
- සියඹලා ඉස්ම මේස හැන්දක්
- කරපින්චා..
- තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය:
- තෙල් ලිපේ තියා රත් වෙනවිට වියලි මිරිස් කරල් දෙක තුනක් දෙකට තුනට කඩලා දාන්න. එයටම සූදුරු එකතු කරන්න.
- බැදෙන විට ලූනු අමුමිරිස් සුදු ළූනු දාන්න. හොදින් මිශ්‍ර කර පොල් එකතු කරන්න.
- වතුර ටිකකුත් ද්මා හොදින් කලවම් කරන්න.
- විනාඩි පහක් පමන පිස ගන්න.
- නිවුනු පසු බ්ලෙන්ඩ් කරන්න.
- අවශ්‍ය නම් නැවත් කරපින්චා එකතු කර විනාඩි කිහිපයක් ලිපේ තියන්න.
ලිපිය ලිව්වේ: Arjunee Upekkha Ranatunga විසිණි.