අවශ්‍ය දේවල්:
- හොදින් පැහුනු අඹ් ගෙඩි 3 (පොතු හැර පලාකෑලි කපා සෝදාගන්න.)
- ඉගුරු
- සුදුලූනු(තලාගත්)
- උම්බලකඩ 10g
- හකුරු කෑල්ලක්
- අවශ්‍ය පමන සීනි
- රතුළුණු
- අමු මිරිස්(හීනියට ලියාගන්න)
- කෑලි මිරිස්
- මිරිස් කුඩු
- කරදමුන්ගු 2
- කහ කුඩු
- උලුහාල් ටිකක්
- රම්පෙ,කරපින්චා
- තෙම්පරාදුවට තෙල් ටිකක්
- වතුර
සාදාගන්නා ආකාරය:
- සෝදාගත් අඹවලට වතුර කෝප්ප 2 පමන දමා රතුළුණු, අමු මිරිස්, උලුහාල්, කහ, මිරිස් කුඩු සියල්ල
- එකතුකර පැත්තකින් තබන්න.
- බාජනයක් ලිපේ තබා තෙල් දමා ගන්න. රත්වු පසු ඉගුරු, සුදුලුනු, රම්පෙ, කරපින්ච, රතුළුණු දමා බැදීගෙන එනවිට කරන්දමුන්ගු, උම්බලකඩ දමා කෑලිමිරිස් දමා ලුනු ඉස අඹ එක එයට දමන්න.
- බාජනය වසා තැම්බෙන්න විනඩි 10 තබන්න.
- කුඩු කරගත් හකුරුත් එයට දමන්න (අඹ තැම්බි ඇද්දය් බලා)
- සීනි අවශ්‍ය ප්‍රමාණයට(පැනි රස අඩු හෝ වැඩි)දමා මිශ්‍රකර ලිප නිවන්න.
ලිපිය ලිව්වේ: Shah Firzan මහත්මිය.