About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cream Caramel Pudding - ක්‍රීම් කැරමල් පුඩිම (සහ කැරමල් පුඩිම් හදා ගැනීමේදී පැනනගින ගැටලු වලට පිලිතුරු)

මීට කලිනුත් කැරමල් පුඩින් හදන හැටි දැම්මා එත් ගොඩාක් අයට පැන නැගින ප්‍රශ්න කිහිපයක් තිබුන නිසා ඒ ප්…
Cream Caramel Pudding - ක්‍රීම් කැරමල් පුඩිම (සහ කැරමල් පුඩිම් හදා ගැනීමේදී පැනනගින ගැටලු වලට පිලිතුරු)
මීට කලිනුත් කැරමල් පුඩින් හදන හැටි දැම්මා එත් ගොඩාක් අයට පැන නැගින ප්‍රශ්න කිහිපයක් තිබුන නිසා ඒ ප්‍රශ්න වලටත් හේතු සහ පිළියම් දෙමින් රෙසිපි එක ආයෙමත් ලියන්න හිතුවා. රෙසිපි එක නම් හරිම ලේසී එනිසා රෙසිපිය අන්තිමට දාලා ඇති ඊට කලින් ලස්සනට රසට කැරමල් පුඩිමක් හදාගන්න නම් මේ විස්තර ටික හොදට කියවන්න. මම හිතනවා රෙසිපි එකට වඩා මේ විස්තර ටික වැදගත් වෙයි කියලා. මමත් මේ අඩුපාඩුකම් හොයා ගත්තේ සහ ඒවාට පිළියම් හදාගත්තේ අත්දැකීමෙන් ඉහුම් පිහුම් ගැන විශේෂ හැදෑරීමක් කරලා නෙවෙයි එනිසා අඩුපාඩු සහ වැරදි තියෙනවා නම් සමාවෙන්න. 


ප්‍රධානම ප්‍රශ්නේ තමා අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නා කිරි ,ඉතින් යාලුවනේ ක්‍රීම් කැරමල් එකක් හදාගන්න උකු කල කිරි (condensed milk) අවශ්‍යම නැහැ. නැවුම් කිරි (එළකිරි) සහ කිරි පිටි යන දෙවර්ගයෙනුත් ඉතාම රසවත්ව ලස්සනට හදාගන්න පුළුවන්. හැබැයි අපි යොදාගන්නා කිරි වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න වෙනවා. දැන් බලමු ඒ මොනවද කියලා.
(බිත්තර 10කට අවශ්‍ය කිරි ප්‍රමාණය හදාගන්න විදිහ)
  • උකු කිරි යොදාගන්නවානම් - උකු කල කිරි (මිල්ක්මේඩ් 400g) ටින් එකක් සහ එම ටින් එකේ ප්‍රමානයටම වතුර යොදාගන්න. නමුත් සිනි එකතුකරන්න අවශ්‍ය නැහැ.
  • එළකිරි (ෆ්‍රෙෂ් මිල්ක්) යොදාගන්නවානම් - එල කිරි ලිටර් එකකට සීනි 300g එකතුකරගන්න.
  • කිරිපිටි යොදාගන්නවානම් - සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 150g ක් නටන උනුවතුර ලීටරයක දිය කර හොදින් නිවාගෙන (සිසිල් විය යුතුයි) සීනි 300g එකතුකරගන්න.

හරියට සීනි කැරමල් කරගන්න එකත් ලොකු ප්‍රශ්නයක් එකත් ඔන්න කියල දෙන්නම් පහසුවෙන්ම කරගන්න විදිහ. මම ජයාරූප කිහිපයකුත් දාල ඇති.
  • ඔයාල පුඩින් එක හදන්න යොදාගන්න භාජනයේ පතුලේ දිග සහ පළල අනුව කැරමල් එක හදන්න අවශය සීනි ප්‍රමාණය වෙනස් වෙනවා. මම යොදා ගත්තේ දිග අගල් 8 පලල අගල් 4 ක් බදුනක් ඉතින් ඔයාලා පාවිච්චිකරන කරන බදුන අනුව සිනි සහ වතුර ප්‍රමාන අඩු වැඩි කරගන්න.
  • කැරමල් එක හදන විදිහ බලමු: සීනි 50g කට වතුර මේස හැන්දක් දාලා හොදින් කවලම් කරන්න.(ජයාරූපය බලන්න)
  • ඉතාමත් අඩු ගින්දරේ ලිපේ තියන්න. සීනි ටික දිය වෙලා පෙන ගතිය එනකොට ගින්දර පොඩ්ඩක් වැඩි කරගන්න. කිසිවිටකවත් ලිපේ තිබ්බට පස්සේ හැදී ගන්න එපා.
  • ගින්දර පොඩ්ඩක් වැඩි කලාට පස්සේ ඔයාලට පෙනේවි බුබුළු දමමින් බදුනේ තිබ්බ සීනි එකම විදිහට ගානට ලා දුබුරු පැහැයට හැරෙනවා. අන්න ඒ වෙලාවේදී ආයෙමත් ගින්දර අඩු කරගන්න. දුබුරු පාට උන ගමන් ලිපෙන් බාගන්න.
  • ලිපෙන් බාගෙන පොඩ්ඩක් හැදිගාලා ඉක්මනින්ම පුඩිම හදන භාජනයේ පතුලට සමානව පැතිර යන විදිහට වක්කරලා නිවෙන්න තබන්න.

තවත් ප්‍රශ්නයක් තමා පුඩින් එක ලස්සනට කැලි කපාගන්න බැහැ කියන එක. ඒකට හේතුව තමා පුඩින් මික්ස් එක අනවශ්‍ය විදිහට බිට් කිරිම. ගොඩාක් වෙලා බිටි කලාම එතුලේ වාතය පිරෙනවා එතකොට ලස්සන නිමාවක් ගන්න බැහැ. කේක් එකක් වගේ බිට් කරන්න අවශය නෑ සාමානය විස්ක් එකක් පාවිච්චි කරන්න.
  • කිරි බිත්තර සහ සීනි වෙන වෙනම ගසා ගැනිමට අවශ්‍ය නැහැ, සියල්ල එකට දාලා සාමාන්‍ය විසක් එකකින් ගසාගන්න.
  • ඒත් ගොඩාක් වෙලා ගසාගන්නත් එපා අවශ්‍ය වන්නේ සියල්ල හොදින් කවලම් කරගන්න පමනයි.
  • පුඩින් මිශ්‍රනයට වැනිලා වලට අමතරව දෙහි පොතු ස්වල්පයක් එකතු කරගත්තම බිත්තර වල තියෙන ගද ඉවත් වෙනවා. ප්‍රසන්න සුවදක් ලැබෙනවා. නොදැම්මා කියල කිසි ප්‍රශ්නයක් නෑ.
  • දෙහි පොතු දැම්මත් නොදැම්මත් පුඩින් මිශ්‍රනය අනිවාර්යෙන් පෙරාගන්න ඔනී. (බිත්තර වල තියෙන ඝන කැබලි ඉවත් කරගැනීමට)
  • පුඩින් මිශ්‍රණය බදුනට දැමීමට පෙර කැරමල් එක හොදින් ඝන වී තියෙන්න ඕනී. අතින් අල්ලලා බලන්න කැරමල් අතේ ගෙවෙන්නේ නැත්තනම් පුඩින් මිශ්‍රණය දාගන්න. 

ස්ටීම් කර හෝ අවන් එකේ දාලා හදාගන්න පුළුවන්. ස්ටීම් කරන එක ගොඩක් හොදයි. ස්ටිම් කරගන්නත් ස්ටිමර් අවශ්‍යම නැහැ, ලොකු භාජනයකට වතුර ටිකක් දාලා පුඩින් බදුන ඒක එතුලෙන් තියලා ස්ටිම කරගන්න පුළුවන්. පෙරලෙන්න බලනවා නම් ටිකක බර දෙයක් උඩින් තියාගන්න.
  • ස්ටීම් කරනකොට පුඩින් බදුන ෆොයිල් එකකින් වසාගන්න. ජල වාශ්ප පුඩින් එක උඩට වැටෙනවා. ඒක වලක් වන්නයි එහෙම කරන්නෙ. හැබැයි ෆොයිල් එකේ කුඩා සිදුරකුත් හදාගන්න අමතකරන්න එපා.
  • සාමාන්‍යයෙන් මිනිත්තු 30ක් යද්දී පුඩින් එක ස්ටිම් වෙනවා. උසින් වැඩි බදුනක් පාවිච්චිකලා නම් මිනිත්තු 45ක් පමණ තියාගන්න.(medium heat එකේ ස්ටීම් කරගන්න.)
  • අවන් එකේ දාගන්නවා නම් වතුර ට්‍රේ එකක් උඩින් පුඩින් භාජනේ තියායන්න. සෙල්සියස් අංශක 210 උෂ්ණත්වයෙන් මිනිත්තු 45ක් තියාගන්න. අවන් එකේ දාගනිද්දී ෆොයිල් එකකින් වහන්න අවශ්‍ය නෑ.
  • පුඩින් එක අවන් එකේ දාල හෝ ස්ටීම් කරලා එලියට ගත්තට පස්සේ පිරිසිදු ඉරටුවක් හෝ සිහින් කූරක් ගහල බලන්න හොදින් ස්ටිම වෙලාද කියලා, එහි පුඩින් දැවටිල නැත්නම් පුඩින් එක හොදින් ස්ටීම් වෙලා.
  • හදාගත්ත පුඩින් එක නිවෙන්න එළියේ තියලා ශිතකරණයේ පැයක් පමණ තබා ප්ලේට් එකක් උඩින් තබා අනිත් පැත්ත හරවා ගන්න. නිවෙන්න කලින් පුඩින් එක අනිත් පැත්ත හරවන්න යන්න එපා එතකොට මැදින් කැඩෙනවා. 

මේ විස්තර ටික හොදට කියෙව්වා නම් දැන් ඉතින් පුඩින් එක හදන්න හරිම ලේසි. හදන විදිහ බලමු. මම හැදුවේ එළකිරි යොදාගෙන.

  • භාජනයකට සීනි 50g හා වතුර මේස හැන්දක් දාලා හොදින් මිශ්‍ර කරලා අඩු ගින්දරෙන් ලිපේ තියාගන්න. දුඹුරු පාට වෙනකොට ලිපෙන් බාගෙන පොඩ්ඩක් හැදිගාලා පුඩිම හදන භාජනයේ පතුලට සමානව පැතිර යන විදිහට වක්කරලා නිවෙන්න තබන්න. (ලිපියේ විස්තරාත්මකව ලියලා තියෙනවා)
  • බිත්තර 10ක් සීනි 300g සහ එලකිරි ලිටරයක් භාජනයකට දාලා විසක් එකකින් පොඩ්ඩක් වෙලා ගසාගන්න.
  • ඊටපසු ඒකට ලෙමන් පොතු ස්වල්පයක් සහ වැනිලා තේ හැදී දෙකක්‌ දාලා ටික වෙලාවක් තබන්න.
  • මුලින් කැරමල් එක දාගත්තු භාජනයට සාදාගත් පුඩින් මිශ්‍රණය පෙරා ගන්න.
  • උඩින් ඊයම් කොලයකින් වසාගෙන මිනිත්තු 30ක් පමණ ස්ටීම් කරගන්න.
  • මද වේලාවක් ශීතකරණයක තියලා ප්ලේට් එකක් උඩින් තබා අනිත් පැත්ත හරවා ගන්න. (ලිපියේ විස්තරාත්මකව ලියලා තියෙනවා)

ඔන්න සීනි වලට වතුර ටිකක් දාලා හොදින් කවලම් කරා.

සීනි ටික දිය වෙලා පෙන ගතිය එනවා මෙන්න.

ඔන්න සීනි ටික කැරමල් වේගෙන එනවා

ඒ හදාගත්ත කැරමල් ටික ඊර පස්සෙ ලිපෙන් බාගෙන පොඩ්ඩක් හැදිගාලා ඉක්මනින්ම පුඩිම හදන භාජනයේ පතුලට සමානව පැතිර යන විදිහට වක්කරලා නිවෙන්න තිබ්බා.

ඉස්සරවෙලා කැරමල් එක දාගත්තු භාජනයට සාදාගත් පුඩින් මිශ්‍රණය පෙරා ගෙන, විනාඩි 30ක් විතර ස්ටීම් කරගත්තට පස්සෙ ඒක මද වේලාවක් ශීතකරණයක තියලා, දැන් ප්ලේට් එකක් උඩින් තබා අනිත් පැත්ත හරවා ගන්න යන්නෙ.

ඔන්න හදාගත්ත පුඩින් එකෙන් කෑල්ලකුත් කැපුවා. ලස්සනයි නේද? ඒ වගේම තමා රසත්.

ම්ම්ම්....





ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය. මේ වගේ ලොකු විස්තරයක් කරලා නොදන්න හැමෝටම එයාගේ දැනුම බෙදා දුන්නට මේ ලිපිය කියවන අපි හැමෝම ස්තූතිවන්ත විය යුතුයි ඇයට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment