About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jelly - ගෙදරදිම ජෙලි හදා ගන්නේ කොහොමද? (ජෙලි පැකට් එකකින් එහෙම නෙමේ)

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගෙදරදීම ජෙලි හදා ගන්නේ කොහොමද කියලා. මේ විදිහට හරිම පහසුවෙන් හදා ගන්න ප…
Jelly - ගෙදරදිම ජෙලි හදා ගන්නේ කොහොමද? (ජෙලි පැකට් එකකින් එහෙම නෙමේ)
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගෙදරදීම ජෙලි හදා ගන්නේ කොහොමද කියලා. මේ විදිහට හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් වගේම හරිම රසයි.

අවශ්‍ය දේවල්:
  • දොඩම් ජුස් 175 ml (දොඩම් ගෙඩි අරගෙන යුෂ මිරිකා ගන්න. වතුර දාන්න එපා.)
  • ජෙලටින් තේහැදි 1 3/4 හෝ 2
  • සිනි කප් 3/4 ඔයාලාට රස අනුව
  • වතුර 100 ml
  • කහ පාට කලරින් ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින් ජෙලටින් ටික සාමාන්‍ය වතුර මේසහැදි 1 1/2 පමණ දිය කරන්න.
  • පසුව ජෙලටින් ටික හොදින් පෙගි දිය වු පසු එකට උණු වතුර මේසහැදි 1 පමණ දමා හොදින් මිශ්‍ර කරන්න. එතකොට ඔයාලාට පෙනෙවි ජෙලටින් ටික හොදට දිය වී තියෙන හැටි.
  • පසුව වතුර 100ml සමග සිනි ටික හොදින් උණු කර නිවෙන්න තියන්න.
  • දැන් එකට දොඩම් ජුස් ටික දමා හොදින් කලවම් කරන්න. ජෙලටින් වතුර ටිකද දමා හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් කහ පාට කලරින් ටික දමා මිශ්‍ර කර ප්‍රිජ් එකේ දාන්න සෙට් වෙන්න.
  • තියෙනවා නම් orange essence ටිකක් ද දමා ගන්න.

වැදගත්:
  • මේ විදියට ඔයාලාට අඹ ජුස්, දෙහි, අන්නාසි, කොමඩු ව්ගේ දෙවල් වලින් ද නිවසේදීම ජෙලි හදා ගන්න පුළුවන්.
  • ජෙලටින් කීව ප්‍රමාණයට දාන්න. නැතිනම් ජෙලටින් වැඩි වුනොත් ටිකක් රබර් ගතියට වගේ එයි.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 ගත්ත වතුර 100ml

 ගත්ත දොඩම් ජුස් 175ml

 දිය කර ගත් ජෙලටින් තේහැදි 1 3/4

 සිනි කප් 3/4

 කහ පාට කලරින්

මෙන්න තියෙනවා අපි හදාගත්ත ජෙලි එක

ඔන්න හැන්දෙන් ටිකක් ගන්නයි ලෑස්තිය

ඔන්න හරි.





ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment