About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ladies' Fingers Curry - යෝගට් දමා සාදාගත් බණ්ඩක්කා කරිය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බණ්ඩක්කා වලින් රසම රස කරියක් හදාගන්නේ කොහොමද කියලා. මේක යෝගට් දාලා හැදු…
Ladies' Fingers Curry - යෝගට් දමා සාදාගත් බණ්ඩක්කා කරිය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බණ්ඩක්කා වලින් රසම රස කරියක් හදාගන්නේ කොහොමද කියලා. මේක යෝගට් දාලා හැදුවේ. මේ විදිහට හදපුවහම පොල් කිරි දාන්න ඕන නෑ.

අවශ්‍ය දේවල්:
  • බණ්ඩක්කා
  • ළුණු
  • අමුමිරිස්
  • කරපිංචා
  • තක්කාලි
  • ලුණු
  • කහ කුඩු
  • ගම්මිරිස් කුඩු
  • තෙල්
  • අබ
  • උළුහාල්
  • පැණි රස නැති යෝගට් හෝ කර්ඩ් (curd- මුදවාපු කිරි)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බණ්ඩක්කා ටික හොඳින් සෝදලා කැමති හැඩයකට කපා ගන්න. (මම මදය වැඩියෙන් පේන්න කපන්නේ. එතකොට පනුවෝ එහෙම හිටියොත් හොඳට පේන නිසා.)
  • හීනියට කපාගත් ළුණු, අමුමිරිස්, කරපිංචා, තක්කාලි පොඩි කෑල්ලක් එකටම දාල, ලුණු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් දාල හොඳට අතගාන්න.
  • පැතලි පෑන් 1ක් ලිප තියල එකට තෙල් මේස හැන්දක් විතර දාල රත් කරන්න.
  • තෙලට අබ ඇට හා උළුහාල් ඇට ටිකක් දාන්න.
  • අබ ටික පුපුරන කොට බණ්ඩක්කා ටික දාල කලවම්කරලා පියනෙන් වහල අඩු ගින්දරේ උයන්න.
  • වරින් වර කලවම් කරමින් පාට වෙනස් වෙන්නේ නැති වෙන්න උයන්න.
  • ඒ ටික තැම්බුනට පස්සේ පැණි රස නැති යෝගට් හෝ කර්ඩ් මේ.හැ. 2ක් මිශ්‍ර කරලා ලිපෙන් බාන්න.




ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment