About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kathurumurunga - කතුරැමුරැංගා බැදුම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස කතුරැමුරැංගා බැදුමක් හදාගන්න විදිහ. බලන්නකෝ කොහොමද හදන්නෙ කියලා.
Kathurumurunga - කතුරැමුරැංගා බැදුම
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස කතුරැමුරැංගා බැදුමක් හදාගන්න විදිහ. බලන්නකෝ කොහොමද හදන්නෙ කියලා.

අවශ්‍ය දේවල්:
  • පිරිසිදු කර සූරා ගත් කතුරැමුරැංගා
  • හීනි පෙති කපා ගත් සුදු ළූනු
  • නූඩ්ලස් ස්වල්පයක්
  • රට කජු ස්වල්පයක්
  • කජු ස්වල්පයක්
  • හීනියට කපා ගත් පපඩම් ටිකක්
  • ලුනු
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • බැදගැනීමට තෙල්
  • තව තමන් කැමති දේවල් කතුරැමුරැංගා සමග මිශ්‍ර කිරීමට ගත් හැක.

සාදාගන්නා ආකාරය:
  • නූල්ඩස් ටික ලුනු ස්වල්පයක් දැමූ මද රස්නෙ වතුරෙ දමා මොලොක් වන තුරැ තබා වතුර බේරා ගන්න.
  • ඉන් පසු කතුරැමුරැංගා ඇතුලු තමන් කලවම් කරනා ද්‍රවයන් කර නොවන ලෙසට වෙන වෙනම් ගැඹුරැ තෙලේ බැද ගන්න.
  • නූල්ඩස් ටිකත් ඒ ආකාරයටම බැද ගන්න.
  • ඉන්පසු සියල්ල ඉඩ තියන බාජනයකට දමා රස සහ සැර අනුව ලුනු, ගම්මිරිස් සහ මිරිස් එක්කර කුල්ලෙන් පොලන ආකාරයට කලවම් කරගන්න (හැන්දකින් කලවම් කරනවානම් කතුරැමුරැංගා පොඩි නොවීමට වගබලා ගන්න.

වැදගත්:
  • හුලං නොවදින් ලෙස පිරිසිදු වියළි බාජනයක් දමා දින් කිහිපයක්ම තබා ගත හැක.
  • සාදන දවසේම පාවිච්චි කරනවානම් ළූනු, හීනියට කැපූ අල වගේ දේවල්ද එක් කල් හැක. කැමතිනම් කුඩා හාල් මැස්සො, කඩල, කඩෙන් ගන්න බයිට් මුරැක්කු, දලු නෙලුම් අල, කරවිල වගේ දේවල් වුනත් වෙන වෙනම බැදලා එකතු කරගන්න පුලුවන්.

 මේ තියෙන්නෙ මම හදපු බැදුමෙ පොටෝ එකක්.

 මේ තව එකක්. හැමදාම එකම විදිහට හදන්නේ නැතුව මේ විදිහටත් කතුරැමුරැංගා හදලා බලන්නකෝ.





ලිපිය ලිව්වේ: Dhanasha Tharani විසිණි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment