About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Corn Milk Rice - බඩඉරිගු කිරිබත්

එක එක පැති වල එක එක විදිහට මේ බඩඉරිගු කිරිබත් හදනවා. සමහරු මෙච්චර බඩඉරිගු ඇට දාන්නේ නෑ කිරිබත් හදද්…
Corn Milk Rice - බඩඉරිගු කිරිබත්
එක එක පැති වල එක එක විදිහට මේ බඩඉරිගු කිරිබත් හදනවා. සමහරු මෙච්චර බඩඉරිගු ඇට දාන්නේ නෑ කිරිබත් හදද්දී. මනනම් රසයයි, පෝෂන ගුණයයි වැඩි වෙන්න කියලම බඩඉරිගු ඇට ටිකක් වැඩිපුර දැම්මා. මුං කිරිබත් හදනවා වගේම තමා මේකත් හදන්නෙ.

අවශ්‍ය දේවල්:
  • ලපටි බඩඉරිගු කරල් 4
  • කැකුළු හාල් හුන්ඩු 2
  • පොල් ගෙඩියක කිරි
  • ලුනු රස පදමට

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බඩඉරිගු ටික සුද්ද කරලා පිහියකින් හරි පීලර් එකකින් හරි හොදට සූරලා ගන්න.
  • සූර ගත්ත බඩඉරිගු ටික වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 15 විතර.
  • ඒ ටික ටිකක් තැම්බුනාට පස්සෙ හාල් ටික දාල බත ඉදෙන තරමට වතුරත් දාන්න.
  • බත ඉදුනට පස්සෙ කිරි වලට ඇති පදමට ලුනු එකතු කරලා බතට එකතු කරන්න. කිරි ටික හොදට උණු උනාට පස්සෙ පිගානටම දාලා උණු උණුවෙම ලුණුමිරිස් එක්ක කන්න.
  • කැට කපන ගානට ඕනෙ නම් එහෙම හදා ගන්නත් පුලුවන්.

වැදගත්:
  • මේ ප්‍රමාණ වලින් හැදුවම 5 දෙනෙකුට විතර ඇතී.
මේ තියෙන්නෙ මම හදපු කිරිබත.

රසම රසයි!!





ලිපිය ලිව්වේ: Thulara Karunarathne මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment