About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Wattakka Dalu - වට්ටක්කා දළු ව්‍යාංජනය

වට්ටක්කා දළු පරිප්පු එක්ක උයලා.. කෝ බලන්න කටට කෙල උනපු අය අත උස්සන්න. මෙහෙම කිව්වොත් නම් සෑහෙන්න දෙ…
Wattakka Dalu - වට්ටක්කා දළු ව්‍යාංජනය

වට්ටක්කා දළු පරිප්පු එක්ක උයලා.. කෝ බලන්න කටට කෙල උනපු අය අත උස්සන්න. මෙහෙම කිව්වොත් නම් සෑහෙන්න දෙනෙක් ඉදීවි අත උස්සන්න. ඒ තරම්ම රසවත් වට්ටක්කා දළු මාලුව කාපු කෙනෙක්ගේ කටට කෙල උනන එකනම් නවත්වන්න බෑ. වට්ටක්කා දළු වල තියෙන චූටි ලපටි ගෙඩිත් අහුවෙන්නම තමා මේකට ගන්නෙ.


අවශ්‍ය දේවල්:
  • ලපටිවට්ටක්කා දළු (පුංචි ගෙඩිත් එක්කමයි තියෙන්නෙ)
  • පරිප්පු
  • රතුළුණු
  • සුදුළුණු
  • අමුමිරිස්
  • කරපිංචා
  • කුරුඳුපොතු
  • උළුහාල් චුට්ටක්
  • කහ කුඩු ටිකක් වැඩියෙන්
  • තුනපහ කුඩු
  • මිරිස්කුඩු
  • වතුර
  • මිටි කිරි
  • ලුණු

සාදාගන්නා ආකාරය:
  • ලපටිවට්ටක්කා දළුටික ලපටි දඬු හා පුංචි ගෙඩි එක්කම අතින් කඩලා අරගෙන සෝදපු පරිප්පු එකට දැම්මා.
  • ඒකටම රතුළුණු, සුදුළුණු, අමුමිරිස්, කරපිංචා කපල දැම්මා.
  • කුරුඳුපොතු, උළුහාල් චුට්ටක්, කහ කුඩු ටිකක් වැඩියෙන්, තුනපහ කුඩු, මිරිස්කුඩු පොඩ්ඩක් දාල වතුර චුට්ටක් දාල පියන වහලා විනාඩි 5ක් තැම්බෙන්න තිබ්බා.
  • බාගෙට වගේ තැම්බුනාම හොඳ මිටි කිරි ටිකක් දාල උතුරුවාගෙන රස අනුව ලුණු දැම්මා.

වැදගත්:
  • කොලටික ගොඩාක් වෙලා තැම්බුනාම රස අඩුයි.
  • වට්ටක්කා දළු තනිකරම තෙල් දාලත් ගොඩක් රසයි. එත් මම දන්නා විදිය‍ට තම්පලා, නිවිති, වට්ටක්කා දළු වගේ ඒවායේ මුළු පෝෂණ ගුණයම ශරීරයට උරාගන්න පුළුවන් වෙන්නෙ මයිසුර් පරිප්පු වල තියෙන එක ප්‍රෝටීනයකට විතරලු. මේ නිසා මේ වගේ කොළ වර්ග තනිකර හදනවනම් එදාට පරිප්පු වෙනම හරි උයන්න.
 වට්ටක්කා දළු


වට්ටක්කා දළු හදන්න තවත් ක්‍රම: 
  1. බණ්ඩාරවෙල පැත්තෙ වට්ටක්කා දළු හදන්නෙ මෙහෙමයි. අතින් කඩල ලුණු ටිකක් ඉහලා තාච්චියට තෙල් ටිකක් දාලා රත්වෙද්දි ලූණු ටිකක් බැදලා වේලපු රතු මිරිස් ටිකකුත් දෙකට තුනට කඩල දාල දළු ටික දාලා තෙම්පරාදු කරගන්නවා. ඔච්චරයි. අම්බෝ බත් මුට්ටියක් කෑවැකි. දළු කඩද්දි පොඩි පොඩි ගෙඩිත් අහුවෙන්ඩ ගන්ඩ ඕනෙ.
  2. තව විදියකට හදනවා, දළු ටික පොඩි කැලි වලට කඩලා අරගෙන, පෙගෙන්න දාගත් කජු සමාන්‍යය විදිහට උයන්න ගන්නවා වගේ තුනපහ එහෙම දාලා, කජු තැමීබුනාට පසු දළු ටික එක් කරලා, කිරි දමා, ටිකක් වෙලා නැටුවාට පසු බා ගන්නවා, කොල ගොඩක්ම තැමීබෙන්න හරින්නෙ නැ, හත්මාලුව මතක් කරලා තමයි එහෙම හැදුවෙි, කජු වෙනුවට කොස්ඇටත් හොදයි!



ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment