About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Gotukola with Eggs Curry - ගොටුකොල බිත්තර කරිය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගොටුකොල බිත්තර කරිය හදාගන්න විදිහ. මේක හදන්නෙත් මාලු මිරිස් කරිය වගේ තම…
Gotukola with Eggs Curry - ගොටුකොල බිත්තර කරිය


ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගොටුකොල බිත්තර කරිය හදාගන්න විදිහ. මේක හදන්නෙත් මාලු මිරිස් කරිය වගේ තමයි.

අවශ්‍ය දේවල්:

  • ගොටුකොල
  • තෙල්
  • රතුලූනු ගෙඩි කීපයක්,
  • සුදු ලූනූ බිකක්
  • පොඩි අමු මිරිස් කරලක්
  • රම්පෙ
  • කරපින්චා
  • කහ කුඩු, අමු තුනපහ කුඩු
  • කෑලි මිරිස්
  • ලුනු කුඩු
  • පොඩි තක්කලි ගෙඩියක්
  • මිටි කිරි බොහෝම පොඩ්ඩක්
  • බිත්තරයක්

සාදාගන්නා ආකාරය:
  • ගොටුකොල ටික සුද්ද කරන්, හොදින් සෝදා දිය බේරා ගන්න, ඊට පස්සේ ඒක හිනියට කපාගන්න.
  • තෙල් චුට්ටක් ලිප තියලා, හීනියට කපාගත්තු රතුලූනු ගෙඩි කීපයක්, සුදු ලූනූ බිකක්, පොඩි අමු මිරිස් කරලක්, රම්පෙ, කරපින්චා දාල තෙම්පරාදු කරගන්න.
  • ඒකට කහ කුඩු, අමු තුනපහ කුඩු, කෑලි මිරිස්, ලුනු කුඩු දාලා කලවම් කරන්න.
  • තෙම්පරාදු වෙද්දි පොඩි තක්කලි ගෙඩියක් කපලා දාන්න, තක්කාලි දාලා ගින්දර වැඩි කරන්න.
  • හොදට බුබුලු දාද්දි ගොටු කොල ටික එකතු කරලා, ගින්දර අඩු කරලා මද ගින්දරේ තෙලෙන් මලවා ගන්න, මිටි කිරි බොහෝම පොඩ්ඩක් එකතු කරලා ගින්දර වැඩි කරලා කිරි ටික නටවා ගන්න, කිරි ටික නටද්දි අඩු වේගන යනවා පෙනෙයි, එතකොට බිත්තරයක් කඩලා දාලා හොදට කලවම් කරලා ලිප නිවාගන්න.




ලිපිය ලිව්වේ: දේදුනු විමලතුංග මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලාගන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment