About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kohila Ala Curry - කොහිල අල ව්‍යාංජනය

කොහිල අල කිව්වාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකක්ද? තරහ යන අයට කොහිල දෙන්න කියල නේද? ඒක ඇත්ත. කතාවටත් කි…
Kohila Ala Curry - කොහිල අල ව්‍යාංජනය

කොහිල අල කිව්වාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකක්ද? තරහ යන අයට කොහිල දෙන්න කියල නේද? ඒක ඇත්ත. කතාවටත් කියනවනේ මුලග්ගින්න්ට කොහිල දෙන්න කියලා. මුලග්ගින්න තියෙන අයට හරියට තරහ යනවා. මුලග්ගින්න කියන්නේ අර්ශෂ් රෝගයට (Piles නැත්නම් Hemorrhoids වලට). ඇත්තටම අර්ශෂ් වලට හොඳම කෑමක් තමයි කොහිල. අර්ශෂ් රෝගය නැතත් කොහිල කනවා නම් හොඳම එළවළුවක්. අධික වශයෙන් කෙඳි අන්තර්ගත එළවළුවක් නිසා අහර මාර්ගය ආශ්‍රිත කොටස් පිරිසිදු කිරීමට කොහිල ඉතා හොඳයි. මල බද්ධය නැති කරයි. අහර දිරවීම පහසු කරයි. පෝෂණය පැත්තෙන් විටමින හා ලවණ වර්ග බහුලයි. මේ තියෙන්නේ මම උයගත්ත කොහිල වෑන්ජනයක්. හැබැයි මේක ඉව්වේ Fresh ඒවායින් නෙවෙයි. Freeze කරපු packet එකකින්. මම සාමාන්‍යයෙන් හදන්නේ මෙහෙමයි.


අවශ්‍ය දේවල්:
  • කොහිල අල
  • රතුළුණු
  • සුදුලුනු
  • අමුමිරිස්
  • කරපිංචා
  • කහ කුඩු
  • තුනපහ කුඩු
  • මිරිස් කුඩු
  • උළුහාල්
  • කුරුඳු පොත්තක්
  • ගොරකා කෑල්ලක්
  • ලුණු කුඩු
  • දියකිරි
  • මිටිකිරි
  • තෙල්
  • අබ ඇට ටිකක්
  • ළුණු
  • කරපිංචා හා වියලි මිරිස් කරල් ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කොහිල අලය පොතු හැර හොඳින් සෝදා සිහින් තීරු කපන්න. ( මම Freezed packet එකෙන් හදපු නිසා කපන්න අවශ්‍ය උනේ නැහැ. සෝදලා ගත්තා)
  • ඉන්පසුව මැටි ඇතිලියකට ඒ ටික දමා රතුළුණු, සුදුලුනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපා දමන්න. කහ කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු, උළුහාල්, කුරුඳු පොත්තක්, ගොරකා කෑල්ලක්, ලුණු කුඩු කලවම් කර කොහිල අල වැහෙන ගානට දියකිරි දාල පියනෙන් වහල තැම්බෙන්න තියන්න.
  • කොහිල ටික තැම්බුනම මිටිකිරි ටිකක් දාල කලවම් කරලා අඩු ගින්දරේ හිදෙන්න තියන්න.
  • කොහිල කෑලි ඇතුලට මිටිකිරි උරාගෙන හොඳට මෘදු (soft) උනාම තමයි ගොඩක්ම රසට එන්නේ.
  • මේ අතර වෙනත් Pan එකක තෙල් චුට්ටක් තියලා තෙල් රත්වන විට අබ ඇට ටිකක් දාල අබ ටික පුපුරන කොට ඒකට සිහින්ව කැපූ ළුණු, කරපිංචා හා වියලි මිරිස් කරල් ටිකක් දාල බැද ගන්න. උයාගත් කොහිල ව්‍යාංජනයට මේ තෙම්පරාදුව කලවම් කර ගන්න.



ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment