About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Dhal with Wenivella Curry - පරිප්පු මිශ්‍ර වෙනිවැල්ල ව්‍යාංජනය

පරිප්පුවක් කිව්වට මේකෙ කතානායක නම් පරිප්පු නෙවෙයි. සමහර අය දන්න, සමහර අය දැකලත් මොනවද කියල අදුනන්නෙ…
Dhal with Wenivella Curry - පරිප්පු මිශ්‍ර වෙනිවැල්ල ව්‍යාංජනය
පරිප්පුවක් කිව්වට මේකෙ කතානායක නම් පරිප්පු නෙවෙයි. සමහර අය දන්න, සමහර අය දැකලත් මොනවද කියල අදුනන්නෙ නැති, තවත් සමහර අය දන්නෙම නැති කෙනෙක් තමා ඒ. වෙනිවැල්ල කියන ගුණදායක ශාකය තමා මේ කතානායක. වෙනිවැල්ල පොලවල්වල මැල්ලුම් විකුණන අයලග තියෙනවා ගන්න. මේ පරිප්පුව නම් ගොඩක් දෙනෙක් ලේසියෙන්ම හදනවා. ඒත් ඉතින් මම මේ ව්‍යාංජනය හදපු විදිය ඔයාලට කියන්නම්කෝ...

අවශ්‍ය දේවල්:
  • වෙනිවැල්ල
  • පරිප්පු ටිකක් (පරිප්පු අඩුව හෝ වැඩිව තමන්ට අවශ්‍ය පරිදි යොදන්න පුළුවන්)
  • කහ ටිකක්
  • පොල් මිටිකිරි
  • පොල් දියකිරි
  • ලුණු රස අනුව
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • ළූනු
  • අමුමිරිස්
  • රම්පා
  • කරපිංචා
  • එනසාල් ඇට කිහිපයක්
  • කරාබුනැටි කිහිපයක්
  • කුරුදු පොතු කෑල්ලක්
  • තෙල් ටිකක්
  • අබ ඇට ස්වල්පයක්
  • වියළි මිරිස් කරල් කිහිපයක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම වෙනිවැල්ල වල කොළ හා ලපටි දඩු කුඩා කැබලි වලට කඩා සෝදා වතුර බේරෙන්න තබන්න.
  • පරිප්පු වලට ළූනු, අමුමිරිස්, රම්පා, කරපිංචා, කහ, මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, කරාබුනැටි, කුරුදු හා දියකිරි (පරිප්පු තැම්බෙන්න අවශ්‍ය පමණ ) එක්කර පිසගන්න.
  • දියකිරි සිදී පරිප්පු තැම්බුන විට එයට මිටිකිරි හා ලුණු රස අනුව එක්කර පිසගන්න. මෙහිදී ගොඩක් හොදි හිටින ලෙස මිටිකිරි යොදන්න එපා.
  • පරිප්පු මිශ්‍රණය උතුරාගෙන එනවිට එයට වෙනිවැල්ල කොළ ටික එක්කර හොදින් මිශ්‍රකර පිසගන්න. භාජනයේ පියන ඇර පිසගන්න.
  • කිරි සිදී එනවිට වෙනමම තෙල් ටිකක් රත්කර එයට අබ හා වියළි මිරිස් කරල් කඩා දමා බැදුනවිට පරිප්පු මිශ්‍රණය තෙම්පරාදු කරගන්න.

වැදගත්:
  • තෙම්පරාදු කිරීමෙන් රස වැඩිවේ. තෙම්පරාදු නොකරද ගතහැක.
  • කැමතිනම් මෙයට උම්බලකඩ ටිකක් එක්කර තවත් රසවත් කරගන්න පුළුවන්.
  • කොළ දමා ගොඩක් වෙලා පිසින්න එපා.
  • මේ කොළ වර්ගෙට වියළි හාල්මැස්සන්, කොස් ඇට වගේ දේවල් දාලත් හදලා හරි රසයි.
 
 වෙනිවැල්ල ශාකය: ගොඩක් සාරවත් වෙනිවැල්ල ශාකයේ කොළ මහත් ගතියක් ගතහැකි අතර හීන් දිග කොළද දකින්න පුළුවන්. කුඩා මලක්ද දකින්න පුළුවන්.

 කුඩාවට කඩාගත් වෙනිවැල්ල කොළ හා දඩු





ලිපිය ලිව්වේ: Niranjala Fernando‎ මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment