About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Maqluba - මකොළුබා බිරියානි

බිරියානි කියන්නෙ වයස් භේදයකින් තොරව අපි කවුරුත් කන්න කැමැති කෑමක්. එක එක විදියට හදන බිරියානි වර්ග ත…
Maqluba - මකොළුබා බිරියානි

බිරියානි කියන්නෙ වයස් භේදයකින් තොරව අපි කවුරුත් කන්න කැමැති කෑමක්. එක එක විදියට හදන බිරියානි වර්ග තිබුනත් හුඟක් අය කැමැති චිකන් බිරියානි වලටනේ. බිරියානි මුලින්ම හදලා තියෙන්නේ ඉන්දියාවෙ මුගල්වරු. යුද්ධ කාලවලදි ඉක්මණින් හදාගන්න පුළුවන් ඒ වගේම එක ආහාර වේලකින් වැඩි පොෂණ ගුණයක් සහ ශක්ති ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් ආහාරයක් විදියටයි එයාලා බිරියානි හඳුන්වලා තියෙන්නේ. නමුත් අරාබියේ මේ බිරියානි හදන්නේ වෙනස්ම ආකාරයකටයි. එයාලා මේ බිරියානිය හඳුන්වන්නේ “මකොළුබා“ කියන නමින්. මේ නමේ තේරුම තමයි “උඩු යටිකුරු“. ඉතින් අපේ ගෙදර මකොළුබා හදන විදිය ඔයාලත් එක්ක බෙදාගන්න මම හිතුවා.


අවශ්‍ය දේවල්:
  • බාස්මති සහල් 500g
  • කුකුළු මස් 500g
  • වම්බටු 250g (egg plant ඉතා සුදුසුයි)
  • අල 250g
  • කෝලි ෆ්ලවර් 200g
  • ඉඟුරු සුදුළුනු පේස්ට් තේ හැඳි 2
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කහ කුඩු ස්වල්පයක්
  • කොත්තමල්ලි කුඩු මේස හැඳි 1/2
  • සුදුරු කුඩු මේස හැඳි 1/4
  • ගරම් මසාලා මේස හැඳි 1/2
  • දෙහි බෑයක යුෂ
  • එළවළු තෙල්
  • ලුණු රස පදමට
  • සුප් කැට 1
  • උණු වතුර

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කුකුළු මස් හොඳින් සෝදා පිරිසිඳු කර ඉඟුරු සුදුළුනු පේස්ට්, මිරිස් කුඩු, කහකුඩු, කොත්තමල්ලි සහ සුදුරු කුඩු, ගරම් මසාලා, දෙහි යුෂ, එළවළු තෙල් මේස හැඳි 4ක් සහ ලුණු රස පදමට දමා හොඳින් සීසන් කරගන්න. (මේක බිරියානිය හදන දවසට කලින් දවසෙ සීසන් කරලා ශීතකරණයේ දාලා තියලා අවශ්‍ය වෙලාවට කලින් කූල් යන්න එලියට අරන් තියාගන්න. සරලවම කියනවනම් සීසන් කරනවා කියන්නෙ හොදින් කලවම් කරගන්නවා කියන එක)
  • ඊළඟට වම්බටු, අල හොඳින් සෝදලා, අල වල ලෙල්ලත් හොඳින් ඉවත් කරලා පිරිසිඳු කරලා රවුම් පෙති ආකාරයට කපාගන්න. කෝලි ෆ්ලවර්ත් සෝදලා එකින් එක මල් ටික වෙන් කරගන්න. දැන් මේ සියල්ල වෙන් වෙන් වශයෙන් ගැඹුරු තෙලේ බැදගන පැත්තකින් තියාගන්න. ගොඩක්ම ක්‍රිස්පි වෙනකම් බදින්නෙපා.ටිකක් රන්වන් පාට උනාට පස්සෙ තෙලෙන් ඉවත් කරගන්න. (තෙලෙ බදින්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ දෙවල් අවන් එකේ රන්වන් පාට වෙනකම් බේක් කරලාගන්න)
  • අපි හැමෝම දන්නවනෙ බාස්මති බත් උයන ආකාරය. ඉතින් බත උයාගන්න කලින් බාස්මති සහල් පැය භාගයක් වතුරෙ පොඟවලා ගන්න. මෙහිදි සහල් කෝප්ප ආකාරයෙන් මැනලා ගන්න, එම කෝප්ප ගණන අනුව දෙගුණයක් උණු වතුරද ලෑස්ති කරගන්න. (1ට 2ක අනුපාතය අනුගමනය කරන්න)
  • දැන් බත උයාගන්න පුළුවන් ආකාරයේ හොඳ පැතැලි භාඡනයක් ලිපේ තියලා එයට තෙල් මේස හැන්දක් පමණ දාලා සීසන් කරපු කුකළු මස් ටික දාන්න.(මේ වෙලාවෙදි හොඳින් මතක තියාගන්න හැම මස් කෑල්ලකම භාඡනයේ අඩිය ස්පර්ෂ වුය යුතුයි.මස් කැබැල්ලක් උඩින් කැබැල්ලක් ආකාරයට දමාගන්න එපා.) එමනිසා මේ සඳහා සුදුසු ආකාරයේ භාඡනයක් ගන්න මතක ඇතුව.
  • දැන් වැඩි වෙලා ගන්නැතුව මේ මස් එකට උඩින් බැදපු අල පෙති, වම්බටු සහ කෝලි ෆ්ලවර් තට්ටුවෙන් තට්ටුව සිටින ආකාරයට පිළිවෙලින් දමාගන්න.
  • ඊට පස්සෙ කලින් වතුරෙ පොඟවපු බාස්මති සහල් හොඳින් වතුර බේරලා බැදපු එළවළු වලට උඩින් දමාගන්න. ඊට පස්සෙ සූදානම් කරගත්තු උණු වතුර වලට චිකන් සුප් කැට 1ක් එකතු කරලා, කැමැති නම් ලුණුත් බොහොම ටිකක් එකතු කරගන්න. ලුණු දාගන්නකොට පරිස්සම් වෙන්න මොකද මස් එකට කලින් ලුණු දාලා තියෙන නිසා. ගානට රස බලලා දාගන්න. ඒ වගේම මේ ස්ටොක් වතුර හැන්දකින් පරිස්සමට සහල් වල මැදට දාගන්න වටේට නොදා..ඒ වගේම ඔක්කොම එකපාර දාන්නත් එපා නැත්තම සේරම අවුල් වෙයි. ඒ වගේම ඔයාලගේ මිනුම් හරි නම් ස්ටොක් වතුර එකතු කරාට පස්සෙ සහල් වල මට්ටමටම තියෙයි.
  • දැන් භාඡනේ වහලා මිනිත්තු 5කට ලිපේ ගින්දර වැඩි කරලා ඒ ලඟටම වෙලා ඉන්න නැත්නම් වතුර උතුරලා අහකට යයි. ගොඩක්ම උතුරනකොට පියන එහාට මෙහාට කරලා ඒක පාලනය කරගන්න හැබැයි හැඳිගාන්න එපා.
  • මිනිත්තු 5න් පස්සෙ ලිපේ ගින්දර ටිකෙන් ටික අඩු කරලා අඩුම ගින්දරේ (Low heat) තව මිනිත්තු 20 හෝ 25 තියන්න. ඒ අතරතුර චොප් ස්ටික් 1 හෝ හැඳි මිට ගසා බලන්න. වතුර හොඳටම සිඳිලා නම් ලිප නිවා දමන්න. (මෙහිදි ගින්දර පාලනය වැදගත් නැත්නම් අඩියට දමා ඇති මස් කර වෙයි)
  • පස්සේ මකොළුබා බිරියානිය ලිපෙන් බාලා හොඳ පැතැලි බත් බෙදන දීසියක් භාඡනය උඩින් තියලා එය මුණින් අතට හරවා සෙමින් තට්ටු කර බිරියානිය ඒ දීසියට අහරු කරගන්න. දැන් මකොළුබා බිරියානි එක කෑමට ගන්න ලෑස්ති.

තේරුනා මදි වගේනම් පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:
මේ තියෙන්නේ මම ගත්ත දේවල්

මේ තියෙන්නේ මම ගත්ත දේවල්

කලින් දවසේ සීසන් කරලා හදාගත්ත මස් ටික

බැදගත් වම්බටු, අල හා කෝලි ෆ්ලවර්

බත උයාගන්න පුළුවන් ආකාරයේ හොඳ පැතැලි භාඡනයක් ලිපේ තියලා තෙල් දාලා මස් ටික දැම්මා

මස් එකට උඩින් බැදපු අල පෙති, වම්බටු සහ කෝලි ෆ්ලවර් තට්ටුවෙන් තට්ටුව සිටින ආකාරයට පිළිවෙලින් දැම්මා

ඊට පස්සෙ කලින් වතුරෙ පොඟවපු බාස්මති සහල් හොඳින් වතුර බේරලා උඩින් දැම්මා

කියලා තියෙන විදිහට වතුර දැම්මා

ඔන්න දැන් ලිපේ තියලා තියෙන්නෙ

ඔන්න වැඩේ හරි. දැන් වතුරත් හිදිලා.

පස්සේ මකොළුබා බිරියානිය ලිපෙන් බාලා හොඳ පැතැලි බත් බෙදන දීසියක් භාඡනය උඩින් තියලා එය මුණින් අතට හරවා සෙමින් තට්ටු කර බිරියානිය ඒ දීසියට දාගත්තා.




ලිපිය ලිව්වේ: Pradeepa Epitawela මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment