About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vegetable mixed soya Curry - එළවළු මිශ්‍ර සෝයා ව්‍යංජනය

අවශ්‍ය දේවල්: සෝයා මීට් 150g ලොකු කැරට් අලයක් ලොකු අල ගෙඩියක් මාලු මිරිස් කරල් 2ක් සුදුළුණු බික් 3,4…
Vegetable mixed soya Curry - එළවළු මිශ්‍ර සෝයා ව්‍යංජනය
අවශ්‍ය දේවල්:
  • සෝයා මීට් 150g
  • ලොකු කැරට් අලයක්
  • ලොකු අල ගෙඩියක්
  • මාලු මිරිස් කරල් 2ක්
  • සුදුළුණු බික් 3,4ක් ( වැඩියෙන් දැම්මම රසයි)
  • බී ළුණු
  • අමුමිරිස්කරපිංචා
  • කහකුඩු චුට්ටක්
  • මිරිස්කුඩු තේ හැඳි 1/4ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
  • තුනපහකුඩු තේ හැඳි 1/2ක්
  • කළු කුඩු තේ හැඳි 1/4ක්
  • උළුහාල් චුට්ටක්
  • කුරුඳු පොත්තක්
  • ලුණු කුඩු
  • පොල්කිරි කෝප්ප 1/2ක්
  • තෙම්පරාදුව සඳහා:
    • තෙල් පොඩ්ඩක් 
    • අබ චුට්ටක් 
    • වියලි මිරිස් කරල් කීපයක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සෝයා ටික බඳුනකට දාල, ලුණු චුට්ටක් කලවම් කර උතුරන උණුවතුර දාලා වහල තියන්න .
  • විනාඩි 5ක් විතර තැම්බුනාම ඇල්වතුරින් හෝදලා හොඳට මිරිකලා ගන්න.
  • කැරට්, අල, මාලු මිරිස් පොඩි කොටුවට කපන්න සියල්ල බඳුනකට දාල ඒකටම සිහින්ව කපා ගත්තු සුදුළුණු, බී ළුණු , අමුමිරිස්, කරපිංචා සියල්ලත් දාල පොල්කිරි හැර ඉතිරි සියල්ලම කලවම් කරලා වතුර චුට්ටක් දාල පියනෙන් වහලා තැම්බෙන්න තියන්න.
  • අල සහ කැරට් තම්බෙනකොට වතුර හිඳිලා නම් පොල්කිරිත් දල කලවම් කරලා හොඳින් ඉදෙන්න තියන්න.
  • මේ අතර වෙනත් pan එකක තෙල් ලිප තියල එකට අබ චුට්ටක් දාන්න. 
  • අබ පිපිරෙනකොට පොඩියට කැපූ වියලිමිරිස් කරල්, කරපිංචා, බී ළුණු දාල රන්වන් පාට වන තුරු මදගින්නේ බදින්න.
  • ඉන්පසුව කිරි හිදී ගෙන එන සෝයා එකට තෙම්පරාදුවද කලවම් කර ලිපෙන් බා ගන්න.

ප.ලි:
  • හදීසියෙන් උයද්දී මට විච්චි අකරතැබ්බය තමයි මේ. මාලු මිරිස් ටික කලින්ම දැම්මම තම්බිලා වැඩි වෙයි කියල මම පස්සේ දාන්න වෙනම අරන් තිබ්බා. Curry එක උයල බාල නිවුනටත් පස්සේ තමයි දැක්කේ මාළු මිරිස් ටික දැම්මේ නෑ කියලා. රස අඩුවක් තිබ්බේ නැහැ. ඒත් ඒක දැම්මම ගොඩක් රසයි.

ලිපිය ලිව්වේ: උදේනි ලියනආරච්චි මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment