About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Spicy Fried Cauliflower - සැරට හදා ගත් ගෝවා මල් බැදුමක්

අවශ්‍ය දෙවල්: ලොකු ගෝවා මල් ගෙඩියක් මිරිස් කුඩු මේසහැදි 1 1/2 පමණ (හැබැයි ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න…
Spicy Fried Cauliflower - සැරට හදා ගත් ගෝවා මල් බැදුමක්
අවශ්‍ය දෙවල්:
  • ලොකු ගෝවා මල් ගෙඩියක්
  • මිරිස් කුඩු මේසහැදි 1 1/2 පමණ (හැබැයි ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න)
  • රස අනුව ලුණු
  • හිනියට කපා ගත් ලුනු ගෙඩියක්
  • දිග අතට කපා ගත් අමුමිරිස් කරල් 3-4
  • ටොමැටෝ සෝස් අවශ්‍ය ප්‍රමාණයට (ටිකක් වැඩිපුර අවශයි )
  • සිනි ටිකක්
  • තල තෙල් ටිකක්
  • හිනියට කපා ගත් සුදුලුනු ටිකක්

ගෝවා මල් බැදිමට හදා ගත් පිටි දවටනය සදහා අවශ්‍ය දෙවල්:
  • පාන් පිටි මේසහැදි 5-6
  • බිත්තර 1
  • කෝන්ෆලවර් මේසහැදි 1
  • ලුණු ටිකක්
  • වතුර අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය:
  • මුලින් කෝලිෆලවර් (ගෝවා මල්) ගෙඩියේ කැලි ටිකක් ලොකුවට කපා, එක හොදින් සෝදා වතුර ගතිය යන්න තියන්න.
  • දැන් භාජනයක් අරගෙන එකට ඉහත කිව්ව සේරම දමා උකුවට බැටර් එකක් හදා ගෙන, කෝලිෆවර් ටික දමා හොදින් කලවම් කර ගන්න.
  • පසුව එය ටික ටික දමා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.
  • දැන් වෙනත් භාජනයක් ලිපේ තියා එකට තල තෙල් ටික දමා රත් වු පසු, එයට හිනියට කපා ගත් සුදුලුනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න .
  • පසුව එයට කපා ගත් ලුනු ටික හා අමුමිරිස් ටික දමා බැදෙන්නට හරින්න .
  • දැන් එකට මිරිස් කුඩු හා ලුණු දමා හොදින් කලවම් කර ගෙන, එයට ටොමැටෝ සෝස් හා සිනි ටිකක් දමා කලවම් කර ගෙන, එයට වතුර ටිකක් සමඟ දිය කර ගත් කෝන්ෆලවර් ටික දමා කලවම් කරන්න.
  • ටික වේලාවක් ගියාම පෙනෙවි මිශ්‍රණය උකුවට එනවා. එතකොට බැද ගත් කෝලිෆවර් ටික දමා හොදින් කලවම් කර ටික වේලාවක් තියා, ලිපෙන් ඉවතට ගන්න.

වැදගත්:
  • ඔයාලාට අවශ්‍ය නම් සෝයා සෝස් ටිකක් දමා ගන්න පුලුවන්.

ලිපිය ලිව්වේ: කාංචනා ජෝශප් මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment