About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Milk Pudding 2 - පොල් කිරි පුඩ්ම 2

අපි මීට කලිනුත් අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ පොල්කිරි වලින් පුඩිමක් හදාගන්න විදිහ කතා කලා. …
Coconut Milk Pudding 2 - පොල් කිරි පුඩ්ම 2
අපි මීට කලිනුත් අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ පොල්කිරි වලින් පුඩිමක් හදාගන්න විදිහ කතා කලා. අදත් හදන්න යන්නේ පොල් කිරි පුඩිමක්. හැබැයි වෙනස් විදිහට. මේක ච්ස් පුඩිමට මිල්ක් මෙඩ් පුඩිමට වැඩිය රසයි හරිම Soft Cream එකක් වගෙ. පෙනුමෙන්ම පේනවනේ ඉතිං රස.


අවශ්‍ය දේවල්:
  • බිත්තර 5
  • පොල් පිටි පුරොපු මෙස හැදි 5
  • කොන්ෆලා තේ හැන්දක්
  • සිනි ග්‍රෑම් 250
  • රම් එසන්ස් හො බනානා එසන්ස්
  • කැරමල් වලට සිනි ටිකක්

සාදාගන්නා ආකාරය:
  • බිත්තර ටික හොදට බිට් කරන්න.
  • පොල් වලට උනු වතුර ටිකක් දමා දිය කර ගන්න.
  • එයටම කොන්ෆාලා, සිනි එකතු කරන්න.
  • එයට, වතුර ලිටර් බාගයක් වෙනකම් එකතු කර බිත්තර මිශ්‍රණයට දමා එසන්ස් අවශ්‍යය නම් කජු වියළි ම්දි ටිකක් දමා ගන්න. (දැන් ඇල් වතුර දැම්මට කමක් නෑ. පොල් පිටි ටික දිය වෙලානෙ තියෙන්නෙ)
  • සිනි ටිකක් කැරමල් කර ඉහත මිශ්‍රණය දමා වාශ්පයෙන් තම්බා ගන්න.

වැදගත්:
  • මෙක ලස්සනට කැලි කපා ගන්න ඔනෙ නම් ජෙලටින් හැන්දක් දිය කරලා දාන්න.
  • පොල් පිටිනේ අපි ඇරන් තියෙන්නේ. පොල් කිරි ගන්නවවනම් පොල් ගෙඩියක් ගාලා හොදටම උකු කිරි 500ml විතර ගන්න. පොල් පිටිවලින් හදනකොට වගේ නෙමේ පොල් කිරි දාද්දී වතුර එහෙම දාන්න එපා ආයෙ.
 
කොහොමද පෙනුම? ඒ වගේම තමා ඉතින් රසත්.

ලිපිය ලිව්වේ: Neranjana Kasthuriarachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment