About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Curry - ඇපල් ව්‍යාංජනය

ඔව් ඔව් ඇපල් උයන්නත් පුලුවන්. මේකෙ රහටනම් අඹ මාලුව පරාදයි. ඇඹුල් නෑ. බලමුකෝ එහෙනම් කොහොමද මේ ව්‍යාං…
Apple Curry - ඇපල් ව්‍යාංජනය
ඔව් ඔව් ඇපල් උයන්නත් පුලුවන්. මේකෙ රහටනම් අඹ මාලුව පරාදයි. ඇඹුල් නෑ. බලමුකෝ එහෙනම් කොහොමද මේ ව්‍යාංජනය හදන්නේ කියලා.

 
අවශ්‍ය දේවල් (මෙය 3/4දෙනෙකුට සෑහෙන ප්‍රමාණයකි):
  • ලොකු කොළ ඇපල් ගෙඩි 2ක් (ග්‍රැනී ස්මිත්- Granny Smith ඇපල්)
  • තෙල් මේස හැන්දක්
  • අබ ඇට ටිකක්
  • සුදුළූණු
  • ඉගුරු
  • කරපිංචා
  • රම්පෙ
  • ලූණු ගෙඩි බාගයක්
  • අමුමිරිස් කරල් දෙකක්
  • තුනපහ
  • ලුණු
  • කෑලි මිරිස් ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • වතුර ටිකක්
  • හකුරු පොඩි කෑලි දෙකක් (ඕනම නෑ පැණිරස දාන්න. දානවනම් සීනි/කිතුල් පැණි වුණත් හොදයි)
  • පොල් කිරි

සාදාගන්නා ආකාරය:
  • ලොකු කොළ ඇපල් ගෙඩි 2ක් මැද ඇට සහිත නාරටි කොටස ඉවත්කර සාමාන්‍ය තීරුවලට කපාගන්න. ගොඩක් ඇඹුල් නම් වඩාත් සුදුසුයි.
  • මැටි හට්ටියක් (වඩාත් සුදුසුයි) හෝ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාලා රත්වෙද්දි අබ ඇට ටිකක්, චොප් කරගත්ත සුදුළූණු, ඉගුරු, කරපිංචා, රම්පෙ, ලූණු ගෙඩි බාගයක් පෙති කපලා, අමුමිරිස් කරල් දෙකක් කපලා (මං දැම්මෙ ඉදිච්ච මිරිස්) දාලා යාන්තමට බැදෙනකොට ඇපල් ටික දාන්න.
  • ඊට පස්සෙ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට හකුරු පොඩි කෑලි දෙකක් දාලා දියවෙන්න හැදිගාන්න (සීනි/කිතුල් පැණි වුණත් හොදයි).
  • දැන් වතුර මේස හැදි 2ක් දාලා හැදි ගාලා මූඩියෙන් වහලා විනාඩි 10ක් ඉදෙන්න අරින්න.
  • ඊට පස්සෙ ඇරලා බලන්න ඇපල් කෑලි මොළොක් වෙලාද කියලා.
  • මොළොක් වෙලා නන් පොල් උකු කිරි කෝප්ප කාලකට ටිකක් අඩුවෙන් දාලා කලවම් කරන්න. හොද්ද ගොඩක් බොරටයි තියෙන්න ඕනෙ. ඒ නිසා ගොඩක් දාන්න එපා.
  • දැන් ඇපල් කෑලි පොඩිවෙන තරමට උයාගෙන ලිපෙන් බාලා පෙරේතකමට කන්න ගිහින් අතයි කටයි පුච්ච ගන්න. ඒ තරම් රහයි!


ලිපිය ලිව්වේ: Pradeepa Tennakoon මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment