About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sudu Pol Pumpkin Curry - සුදු පොල් වට්ටක්කා වෑන්ජනය

අපේ අම්මලා ගලේ පොල් අඹරලා හදන රසම රස වට්ටක්කා කරි එක ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි. මේ වගේ හදලා පිපිඤ්ඤා…
Sudu Pol Pumpkin Curry - සුදු පොල් වට්ටක්කා වෑන්ජනය
අපේ අම්මලා ගලේ පොල් අඹරලා හදන රසම රස වට්ටක්කා කරි එක ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි. මේ වගේ හදලා පිපිඤ්ඤා සම්බෝලයක් හා කරවල හිදෙන්න උයලා නියමයි. තව මේකත් එක්ක කූනිස්සො බැදුමක් හරි හාල්මැස්සෝ බැදුමකුත් නියමයි.


අවශ්‍ය දේවල්:
  • වට්ටක්කා 250g
  • අමුමිරිස් කරල් 2ක්
  • සුදුළුණු බික් 3,4ක්
  • රතුළුණු ගෙඩි 3,4ක්
  • කරපිංචා
  • පොල් 100g
  • අබ ඇට ටිකක්
  • කුරුඳු පොත්තක් .
  • ගම්ම්රිස් කුඩු තේ හැඳි 1/4ක්
  • කහකුදඩු ස්වල්පයක්,
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය:
  • වට්ටක්කා හොඳින් සෝදා තරමක කෑලි කපා භාජනයකට දමන්න.
  • තැම්බෙන්න අවශ්‍ය ගානට වතුර දමා එයට කහකුඩු හා ලුණු දමා පියනෙනේ වසා තැම්බෙන්න තියන්න.
  • මේ අතර පොල් හැර අනික් සියලුම දේවල් ටික වතුර ටිකක් දමා සිහින්ව බ්ලෙන්ඩ් කරන්න.
  • ඊට පස්සේ එකටම පොල් ටිකත් දාල බ්ලෙන්ඩ් කරන්න.
  • අන්තිමට තැම්බුන වට්ටක්කා එකට බ්ලෙන්ඩ් කර ගත්තු පොල් ටික දාල හොඳට උතුරුවා ගන්න.
  • මම නම් උකු ගතිය මදි වගේ හිතුනොත් ඒකටම තව කොකනට් පව්ඩර් හැඳි 2ක් විතර දියකරලා අවශ්‍ය ගානට උකු කර ගන්නවා. (සුදු කැකුළු හාල් චුට්ටකුත් දාලා බ්ලෙන්ඩර් කරලා දැම්මත් හරි. හාල් වලින් ව්‍යාංජන උකු කරන්න පුලුවන් කියලා අපි අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ "අපි දැනගත යුතු දේවල්" යටතේ කතා කරා. කියෙව්වේ නැත්නම් ඒකත් කියවන්නකෝ.)
  • පොල් කිරි පාවිච්චි කරන යට වතුර වෙනුවට පොල්කිරිම දාලා බ්ලෙන්ඩ් කරලා පදමට ගන්න පුළුවන්.

වැදගත්:
  • අඹරා ගත්ත ටිකට කරාඹු නැටි 2ක් 3ක්, එනසාල් ඇටයක්, සූදුරු ටිකකුත් දැන්මනම් තවත් රසයි.

ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment