අවශ්‍ය දේවල්:
- සෝදා පිරිසුදු කල ඉස්සො
- සිහින්ව කැපු බීලුනු
- තලාගත් ඉගුරු සුදුලූනු
- දෙකට පැලූ අමුමිරිස්
- කරපිංචා
- රම්පෙ
- මුරුංගා ගොඩාක් මෝරලා නැති කොල..
- දෙහි/තක්කාලි
- ගම්මිරිස් කුඩු
- මිරිස් කුඩු
- කුරුදු
- ලුනු
- උලුහාල්
සාදාගන්නා ආකාරය:
- ඉස්සො වලට ලුනු ගම්මිරිස් මිරිස් දෙහි ඉගුරු සුදුලූනු දමා පදම් වීමට තබන්න.
- තක්කාලි පාවිච්චි කරනවා නම් දෙහි අවශ්‍ය නෑ. සැර නිසා මං දෙහි දැම්මෙ.
- බදුනකට තෙල් දමා රත් ඌ විට උලුහාල් ටිකක් දමා බැදෙන්න හරින්න.
- එයට ලූනු ටිකක් අමුමිරිස් කුරුදු කරපිංචා රම්පෙ දාලා බැදෙන්න හරින්න.
- එයට ඉස්සන් දමා තෙලේ බැදෙන්න හරින්න.
- එයට අවශ්‍ය පමනට වතුර දමා මුරුංගා කොල දමා ඉවෙන්න හරින්න.
- වතුර හිදී එනවිට ලූනු දමා කවලවම් කරන්න.
ලිපිය ලිව්වේ: රුවන්තිකා මධුෂාණි මහත්මිය.