About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Stuffed Banana Peppers - මාලුමිරිස් පුරවා බැදීම

අවශ්‍ය ද්‍රව්‍ය: මහත මාලුමිරිස් කරල් කීපයක් තම්බලා පොඩි කල අල පොඩිකල සැමන් චොප් කල ලූනු තක්කාලි ඉගුරු…
Stuffed Banana Peppers - මාලුමිරිස් පුරවා බැදීම
අවශ්‍ය ද්‍රව්‍ය:
  • මහත මාලුමිරිස් කරල් කීපයක්
  • තම්බලා පොඩි කල අල
  • පොඩිකල සැමන්
  • චොප් කල ලූනු තක්කාලි ඉගුරු සුදුලූනු අමුමිරිස් කරපිංචා
  • රම්පෙ කෑල්ලක්
  • කෑලිමිරිස්
  • ගම්මිරිස්
  • පාන්පිටි
  • බිස්කට් කුඩු
  • පොල්තෙල්
 
සාදන ක්‍රමය:
  • මුලින්ම මාලුමිරිස් ගෙඩිය ඉතාමත් මෘදුවට තැලෙන්නේ නැතිවෙන්න ඇට රේනුවෙන් ගැලවෙන්න පොඩි කරන්න.
  • ඊලඟට පැල්මක් දමා ඒ ඇට ඉවත් කරන්න, ගෙඩිය වෙන් නොවෙන්න.
  • මාලුමිරිස් කරලට ලුනුවතුර ටිකක් ආලේප කරන්න.
  • බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා තක්කාලි, ඉගුරු, සුදුලූනු, අමුමිරිස්, ලූනු, කරපිංචා, රම්පෙ, බීලූනු තෙම්පරාදු කරන්න.
  • එයට කෑලිමිරිස්, ලුනු, ගම්මිරිස් දමා ඊලඟට අල සහ සැමන් කලවම් කරන්න.
  • ඉහත මාලුමිරිස් තුලට මෙය පරිස්සමෙන් පුරවන්න.
  • පාන්පිටි වලට වතුර පමනක් දමා ඉතාමත් උකු බැටර් එකක් සාදා ගන්න.
  • මාලුමිරිස් කරල එහි හොදින් ගිල්වා ඉන්පසුව බිස්කට් කුඩු දවටන්න.
  • දැන් මාලුමිරිස් කරල වැහෙන තරමට තෙල් පිරවූ, මාලුමිරිස් කරලට වඩා විෂ්කම්භයක් ඇති බදුනක බදින්න. මේක ඉතාම පරිස්සමෙන් කරන්න. අනවශ්‍ය ලෙස හැදි ගාන්න එපා. මද ගින්නේ හිමීට බදින්න, එවිටයි මාලුමිරිස් ගෙඩිය හොදින් ඉදෙන්නේ.
 
ලිපිය ලිව්වේ: රුවන්තිකා මධුෂාණි මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment