About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Asparagus - ඇස්පැරගස් උයමු

පිටරට ඉන්න ගොඩක් දෙනෙක් නම් ඇස්පැරගස් (Asparagus) කියන්නේ මොනවද කියලා දන්නවා ඇති. ශීතල රටවල පහසුවෙන…
Asparagus - ඇස්පැරගස් උයමු
 

පිටරට ඉන්න ගොඩක් දෙනෙක් නම් ඇස්පැරගස් (Asparagus) කියන්නේ මොනවද කියලා දන්නවා ඇති. ශීතල රටවල පහසුවෙන්ම ලබාගන්න පුලුවන්, මිලෙන් අඩු එළවලුවක් තමයි ඇස්පැරගස්. මේක ලංකාවේ නම් නෑ මන් හිතන්නේ. මේක නිකන් කොහිල වගේ. ඒකහින්දා මේකට අපි කියමු රට කොහිල දලු වෑංජනය කියලා. පිටරටකදී දේශීය විදියට හදන්න පුලුවන් වෑංජනයක් මේක. ඇස්පැරගස් ලංකාවෙදි අපි කැඳ හදන හාතාවරිය කුලයේම එකක්. එ නිසා ගුණ පැත්තෙන් හාතාවාරිය වගේම අනූනයි. කාන්තවන්ට විශෙෂයෙන්ම හොඳයි. ශරීරය සිසිල් කරනවා. විටමින් E, ඊස්ට්‍රජන් බහුලයි. මේක එකේක ක්‍රම වලට හදලා කනවා. ස්ටීම් කරල සැලඩ් හදනවා. Stir Fry කරලත් ගන්නවා.

 
මේ මම හදන විදිහ:
මෙ විදිය කරල බලන්න. කිරට උයලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා ගන්න. අපෙ කොහිල දලු මාලුවමයි. නොකිය හදලා දුන්නොත් කවුරුවත් හිතන්නෙත් නෑ වෙන දෙයක් කියලා. අපි මෙහේ හාමුදුරුවරුන්ට දානෙටත් කොහිල වෙනුවට හදන්නෙ මේක. සමා වෙන්න. මම උයන්නෙ මැටි ඇතිලියෙනෙ. ඒක ටිකක් කැතයි දැන්.

 මේ තියෙන්නේ මම උයපු එක. රසනම් කොහිල දලු වගේමයි. වෙනසක් හොයන්නත් බෑ.


ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi‎ ම්හත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment