About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ala Thel Demima - අල තෙල් දැමීම

"අල තෙල් දානවා" කියන්නේ අපි නිතරම කරන දෙයක්. ගොඩක් වෙලාවට දුවලා පුතාලා ට්‍රිප් එකක් යද්දි…
Ala Thel Demima - අල තෙල් දැමීම
"අල තෙල් දානවා" කියන්නේ අපි නිතරම කරන දෙයක්. ගොඩක් වෙලාවට දුවලා පුතාලා ට්‍රිප් එකක් යද්දි, දුර ගමනක් යනකොට, පන්සලේ දානෙට, පිංකමකදී වගේ අපි නිතරම හදන දෙයක් තමා මේක. දැන් කියලා දෙන්න යන්නේ ක්‍රම  3කට අල තෙල් දාන විදිහ.


අවශ්‍ය දේවල්:
  • අල ග්‍රෑම් 500 යි
  • රතු ළූණු ගෙඩි 8 යි
  • අමු මිරිස් කරල් කැමති ගණනක් (මන් නම් 10ක් වත් දානවා)
  • කෑලි මිරිස් (මිරිස් කුඩු ගන්න අයත් ඉන්නවා)
  • උම්බලකඩ කුඩු
  • කහ කුඩු සුවල්පයක්
  • රම්පෙ
  • කරපිංචා
  • පොල් තෙල් මේස හැඳි 1 1/2 යි
  • ලුණු සහ දෙහි
 
සාදාගන්නා ආකාරය:පළවන ක්‍රමය:
  • අල සෝදා තම්බාගන්න. පසුව පොතු ඉවත්කර කුට්ටි කපාගන්න. රතුළූණු සහ අමු මිරිස් සිහින්ව ලියාගන්න. මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, ලියාගත් රතුළූණු සහ අමු මිරිස් සමග පදමට ලුණු සහ දෙහි එක්කර අල කැබැලි වල හොඳින් තැවෙරෙන සේ වතුර ස්වල්පයකින් අනාගන්න. තාච්චියකට තෙල් දමා ලිප තබා නටන විට අල මිශ්‍රණය දමා හොඳින් පෙරළමින් සුවඳ හමන තුරු බැදගන්න.
 
දෙවන ක්‍රමය:
  • ළූණු, අමු මිරිස්, කරපිංචා, උම්බලකඩ තෙම්පරාදු කර එයට කහ, කෑලි මිරිස්, ලුණු අත ගෑ අල(තම්බා ගත් අල) එකතු කොට මද ගින්නේ පිස ගන්න.
 
තුනවන ක්‍රමය:
  • මුලින්ම අල පොතු හැර තරමක කැබලි වලට කපා ගන්න. පසුව ළූණු සිහින්ව ලියා ගන්න. අමු මිරිස් දෙකට පලා ගන්න. තෙල් ටිකක් ලිප තබා එයට අබ සුවල්පයක් දමා අබ ටික පුපුරවා ගන්න. දැන් එයට ළූණු, කරපිංචා, එකතු කොට තරමක් රන්වන් පැහැය එනතුරු තෙම්පරාදු කරගන්න. කැබලි කපා ගත් අල වලට කහ, කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු එකතු කොට හොදින් අත ගා සාදා ගත් තෙම්පරාදුවටම එකතු කරගන්න (සියල්ලම හොදින් කලවම් කර ගන්න). දැන් පියන වසා මඳගින්නේ පිස ගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක්ද එකතු කරන්න. අඩිය ඇල්ලීමට හැකි බැවින් අල මිශ්‍රණය හොඳින් පෙරළමින් කලවම් කරන්න. අල තැම්බී ඇද්දැයි බලා ලිපෙන් බා මේසයට පිළිගන්වන්න.



ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment