About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Papaya Muscat - ගස්ලබු මස්කට්

ගස්ලබු කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති දෙයක්. ගස්ලබු වලින් මස්කට් හදන්නත් පුලුවන්. මේ තියෙන්නේ හදන…
Papaya Muscat - ගස්ලබු මස්කට්
ගස්ලබු කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති දෙයක්. ගස්ලබු වලින් මස්කට් හදන්නත් පුලුවන්. මේ තියෙන්නේ හදන විදිහ. තේ බොනකොට කන්න ගන්න එහෙම පුලුවන්.

 
අවශ්‍ය දේවල්:
  • 750g පමණ බර පැසුණු ගස්ලබු ගෙඩි 1
  • රුලං 500g
  • සීනි 750g
  • බටර් මේස හැඳි 2
  • කරඳ මුංගු කුඩු තේ හැඳි ½‍
  • වැනිලා තේ හැඳි 1
  • කපාගත් කජු 50g
  • කැමැති නම් කලරින් වර්ගයකින් බිංදු 2

සාදාගන්නා ආකාරය:
  • පළමුව ගස්ලබු ගෙඩිය දෙකට කපා ඇට ඉවත් කර හිරමනයකින් හීනියට ගාගන්න.
  • ගාගත් ගස්ලබු උතුරන වතුරට දමා විනාඩි 10 ක පමණ කාලයක් තම්බා ගන්න.
  • පසුව තම්බා ගත් ගස්ලබු පිරිසිදු රෙදි කෑල්ලකට දමා මිරිකා ගන්න.
  • දැන් රුලං ටික කබලේ යාන්තමට බැද ගන්න.
  • ඉන්පසු සුදුසු භාජනයක් ළිප තබා එයට බටර් එක්කර රත්වන විට ගස්ලබු, රුලං සහ සීනි සමඟ අනිකුත් සියලු ම ද්‍රව්‍ය දමා හොඳින් හැඳි ගාන්න.
  • නිවෙන්නට පෙර තැටියකට දමා කෑලි කපා ගන්න.


ලිපිය උපුටා ගත්තේ සිළුමිණ(silumina.lk) වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment