About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Drumstick Curry - මුරුංගා මස් වගේ උයමු

මුරුන්ගා හැමදාම හදන විදිහට නැතුව මුරුංගා බැදලා මස් වගේ උයන විදිහ තමා දැන් කියලා දෙන්න යන්නේ. හරි රස…
Drumstick Curry - මුරුංගා මස් වගේ උයමු
මුරුන්ගා හැමදාම හදන විදිහට නැතුව මුරුංගා බැදලා මස් වගේ උයන විදිහ තමා දැන් කියලා දෙන්න යන්නේ. හරි රසයි.

අවශ්‍ය දේවල්:
  • කැමති ප්‍රමාණයක් මුරුංගා
  • කහ ටිකක්
  • ලුණු ටිකක්
  • කහ ටිකක්
  • අමුතුනපහ ටිකක්
  • බැදපු තුනපහ ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
  • කුරුදුපොතු කැල්ලක්
  • තෙල්
  • ලුනු අමුමිරිස්
  • කරපිංචා
  • සියබලා ඉස්ම ටිකක්
  • වතුර
  • උකු පොල් කිරි

සාදාගන්නා ආකාරය:
  • කැමති ප්‍රමාණයක් මුරුංගා අරගෙන එකේ පොතු යවා සොදන්න.
  • පසුව වතුර ගතිය යවා ඒකට කහ ටිකක් ලුණු ටිකක් දමා මිශ්‍ර කර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න. මුරුංගා ටික කළු වෙන්න දෙන්න එපා.
  • පසුව බැද ගත් මුරුංගා වලට කහ ටිකක්, අමුතුනපහ ටිකක්, බැදපු තුනපහ ටිකක්, මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න. මිරිස් සැරට මේ මුරුංගා කරි එක රසයි.
  • පසුව හොදින් මිශ්‍ර කර ගෙන පසෙකින් තියන්න.
  • දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටික වෙන්න දාන්න.
  • පසුව එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් හා කුරුදුපොතු කැල්ලක් දමා බැදෙන්නට හරින්න
  • පසුව එකට කපා ගත් ලුනු අමුමිරිස්, කරපිංචා දමා තෙම්පරාදු කරන්න.
  • දැන් මුරුංගා මිශ්‍රනය මේකට කලවම් කරන්න. මෙයටම සියබලා ඉස්ම ටිකක් එක් කර හොදින් කලවම් කර වතුර ඇබින්දක් එක් කරන්න.
  • ටික වේලාවක් ගියාම උකු පොල් කිරි එක් කර කරි එක උකු ගතියට එනතුරු උයා ගන්න.




ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment