About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jujubes - ජුජුබ්ස් හදමු

රසම රස ජුජුබ්ස් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේ විදිහට කඩෙන් ගන්න ඒවට වඩා රසයි. හදමු එ…
Jujubes - ජුජුබ්ස් හදමු
රසම රස ජුජුබ්ස් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේ විදිහට කඩෙන් ගන්න ඒවට වඩා රසයි. හදමු එහෙනම්.

අවශ්‍යය දේවල්:
  • ජෙලටීන් 30g
  • සීනි කෝප්ප 2 යි
  • කූල් වතුර කෝප්ප 1/2 යි
  • නිකන් වතුර කෝප්ප 3/4 යි
  • ෆුඩ් කලරින් සහ එසන්ස්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කූල් වතුර කෝප්ප බාගෙට ජෙලටීන් 30g එකතු කරල විනාඩි 10ක් තියන්න.
  • ඊලගට භාජනයක් ලිප තියල අනිත් වතුර කෝප්ප 3/4 හා සීනි කෝප්ප 2 එකතු කර වැඩි ගින්දරේ හොදින් උතුරවාගන්න.
  • දැන් සීනි දියවෙලානෙ. එහෙනම් ගින්දර අඩු කරල ඒකත් විනාඩි 5ක් තව රත්වෙන්න අරින්න.
  • දැන් මේ සීනි ද්‍රාවණය අර ජෙලටීන් එකට දාල හොදට කලවම් කරන්න.
  • දැන් මෙම ද්‍රාවණය පොඩි භාජන කීපයකට වෙන් කරගෙන ඒ ඒ භාජන වලට තමන් කැමති වර්ණක හා එසන්ස් එකතු කර ආය කලවම් කරන්න.
  • දැන් මේ මිශ්‍රණය බටර් ගාපු භාජන වල අගලක් පමණ ඝණකමට දාගෙන. ශීතකරණයේ පැය 7ක් 8ක් තියන්න.
  • පැය 8කට පසු: දැන් මේව තමන්ට ඕන ප්‍රමාණ වලට කෑලි කපාගෙන සීනි වල තවරා නැවත ශීතකරණයේ දමන්න (නිවැරදිම ආකාරයටනම් මේව එකිනෙකට නොවදින සේ පැය 24ක් ශීතකරණයේ තියල කෑමට ගන්න ඕනෙ)
  • ඒත් ඒක කරන්න බෑනෙ. ඒ හින්ද පැය 2කින් පස්සෙ වගේ කන්න ගන්න.
  • කඩේ ඒවට වඩා රසයී. කියනවට හදල බලන්නකෝ.
 
    ඔන්න ජෙලටින් ටික ගත්තා 

    ඒකට කූල් වතුර දැන්මා

    විනාඩි 10ක් තිබ්බා ඔන්න

    තව භාජනයක් ලිපේ තියල අනිත් වතුර කෝප්ප 3/4 හා සීනි කෝප්ප 2 කරගෙන රත් කරගන්න යන්නෙ.

    තියවුනු සීනි ද්‍රාවණයට අර ජෙලටීන් එකට දාල හොදට කලවම් කරන්න යන්නෙ

    පස්සෙ ඒ ද්‍රාවණය පොඩි භාජන කීපයකට වෙන් කරගත්තා

    ඒ ඒ භාජන වලට කැමති වර්ණක හා එසන්ස් එකතු කරගෙන ආයෙ කවලම් කරා ( මේ තියෙන්නෙ මම තැඹිලි පාට දාපු එකක්)

    ඔන්න භාජනයක බටර් ගානව ඒ මිශ්‍රණය දාගන්න

    මම හදාගත්ත කොළ පාට මිශ්‍රණයෙන් ටික්ක ඔන්න අගලක් විතර පිරෙන්න ඒ භාජනයට දාගත්තා

    ෆ්‍රිජ් ඒකේ තියලා එලියට ඇරන් කෑලි කපන්න හදන්නේ. ඊට පස්සෙ සීනි එහෙම ගාලා ආයෙ මන් මේක ෆ්‍රිජ් එකට දානවා. පස්සෙ කන්න තමා තියෙන්නෙ.



    ලිපිය ලිව්වේ: Hasintha Madushan මහත්මයා.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment