About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Batu Pehi - බටු පැහි

බටු නොකන අයත් බටු කන්න ආස කරපු අපේ අම්මාගේ බටු පැහි එක. එහෙම නැත්නම් කරිය, බැදුම එහෙමත් නැත්නම් සම්…
Batu Pehi - බටු පැහි
බටු නොකන අයත් බටු කන්න ආස කරපු අපේ අම්මාගේ බටු පැහි එක. එහෙම නැත්නම් කරිය, බැදුම එහෙමත් නැත්නම් සම්බෝලෙ. ඕන නමක් දාගන්නකෝ.

 
අවශ්‍ය දේවල්:
  • බටු සිහින් කපා
  • කහ
  • තෙල්
  • හාල්මැස්සන්
  • අමු මිරිස්කරල් දික් අතට ලියා
  • ළුනු කුඩා කොටු කපා
  • සුදු ළුනු ලියා
  • තක්කාලි කොටු කපා
  • රම්ප
  • කරපිංචා
  • මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • ලුණු
  • සීනි චුට්ටක්

සාදාගන්නා ආකාරය:
  • බටු සිහින් කපා කහ පමනක් අතගා ගැඹුරැ තෙලේ බැද ගන්න.
  • හාල්මැස්සන් සුද්ද කර උණු වතුරෙන් සෝදා තෙත ගතිය වේලා ගන්න පසුව බැද ගන්න.
  • අමු මිරිස් සිට තක්කාලි හැර අකෙක් ඒවා ද බැද ගන්න (ළුනු කුඩා කොටු කපා, සුදු ළුනු ලියා, රම්ප, කරපිංචා)
  • මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු, සීනි චුට්ටක් - දැන් මේ සියල්ල එකට මිශ්‍ර කර තක්කාලිද මිශ්‍ර කර ගන්න.

වැදගත්:
  • නරක් නොවී ෆ්‍රිජ් එකේ නම් සති 2ක් විතර තියා ගන්න පුලුවන්. ඒ උනත් එච්චර කල් නම් තියාගනී කියලා කියන්න බෑ. ඒ තරම් මේක රසයි.


ලිපිය ලිව්වේ "ඉවුම් පිහුම්" ෆේස්බුක් ගෘප් එකේ සාමාජිකාවක්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment