About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sambar - සාම්බාරු

තෝසෙ කන්න ඉතින් නැතුවම බෑනේ සාම්බාරු. තෝසේ හදන හැටිනම් තාම දාන්න බැරි උනා "ඉවුම් පිහුම්" …
Sambar - සාම්බාරු
තෝසෙ කන්න ඉතින් නැතුවම බෑනේ සාම්බාරු. තෝසේ හදන හැටිනම් තාම දාන්න බැරි උනා "ඉවුම් පිහුම්" ඇප් එකේ. ලගදිම දාන්නම්. සාම්බාරු මසාලා පවුඩර් හදන හැටිත් ලගදීම කියලා දෙන්නම්.

 
අවශ්‍ය දේවල්: (දහදෙනෙකුට)
  • ඕනිම එලවලු වර්ගයක් දාන්න පුලුවන් ඒත් ඉතින් එකතු කරගන්න සුදුසු එලවලු වර්ග කිහිපයක් මම කියන්නම්. මේ වගේ එලවලු තමා හොද තව ඉතින් ඔයාලා හොදයි කියලා හිතෙන දේවලුත් එකතු කරගන්න. සියලුම එලවලු 100g ගානේ ගත්තා.
  • මුරුංගා (මම දැම්මෙ නෑ)
  • වට්ටක්කා
  • කැරට්
  • අර්තාපල් (මම දැම්මෙ නෑ)
  • වම්බටු
  • ලොකු තක්කාලි ගෙඩි දෙකක්
  • බී ලූනු ගෙඩියක්
  • අමු මිරිස් කරල් කිහිපයක්
  • සුදුලූනූ බික් කිහිපයක්
  • සාම්බාරු මසාලා පවුඩර් කෝප්ප කාලක්
  • වියලි මිරිස් කරල් කිහිපයක්
  • අබ
  • කහ
  • කරපිංචා
  • තෙල්
  • ගම්මිරිස් ඇට
  • රස අනුව ලුනු
 
සාදන ක්‍රමය:
  • මම නම් ආස නෑ වතුර වගේ තියෙන සාම්බාරු කන්න ඒනිසා මම හදන්නෙ ටිකක් උකු ගතියට ඔයාලා එහෙම ආස නැත්නම් වතුර ටිකක් වැඩිපුර දාගන්න.
  • දැන් ඉතින් හදන හැටි බලමු.
  • සියලුම එලවලු ටික තරමක කැබලි වලට කපා ගන්න.
  • භාජනයක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් එකතු කර රත් වෙනකොට එයට අබ සුදුලූනූ ලූනූ කරපිංචා වියලි මිරිස් අමු මිරිස් සහ තක්කාලි එකතුකරගන්න.
  • ඉන්පසු කපාගත් එලවලු ,සාම්බාරු මසාලා පවුඩර් ,ගම්මිරිස් ඇට හෝ කුඩු ස්වල්පයක්, කහ කුඩු සහ රස අනුව ලුනු එකතු කර මිනිත්තු කිහිපයක් තබා වතුර එකතුකරගන්න.
  • එලවලු සියල්ල හොදින් තැම්බී හොද්ද උකු වූ පසු ලිපෙන් බාගන්න.

ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment