About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jackfruit Curry - කොස් මාලුව (වියලි කොස්)

විදේශ රටවල ජීවත් වන ශ්‍රි ලාංකික බොහෝමයක් දෙනා කොස් මාලුව හදාගන්නෙ වියලි කොස් වලින් ඉතින් විදේශ රටව…
Jackfruit Curry - කොස් මාලුව (වියලි කොස්)
විදේශ රටවල ජීවත් වන ශ්‍රි ලාංකික බොහෝමයක් දෙනා කොස් මාලුව හදාගන්නෙ වියලි කොස් වලින් ඉතින් විදේශ රටවල ඉන්න අයට වගේම කොස් අවාරෙදි ලංකාවෙ ඉන්න අයටත් මේ විදිහට හදලා කන්න පුලුවන්. කොස් මාලුව හදාගන්න කලින් කොස් වේල ගන්න විදිහත් කියලා දෙන්නම්කො. හැබැයි අද නම් මම මේ හැදුවේ කඩෙන් ගත්ත වියලි කොස් පැකට් එකක්. මම හදද්දි අර්තාපල් ගෙඩියකුත් එකතු කරනවා. දැන් බලමු හදන විදිහ.

 
කොස් වේලා ගන්නා ආකාරය:
  • කොස් හුගක් තියෙන කාලෙට ඒවා බිමට වැටිල කුණු වෙලා අපතේ යන්න දෙන්න එපා මේ විදිහට වේලලා තියගන්න. මුලින්ම කොස් මදුලු පිරිසිදු කරගෙන උඩින් සහ යටින් ටිකක් කපලා දාලා කොස් ඇට සහ සිවිය ඉවත් කරගෙන තීරු කපා පිරිසිදු ජලයෙන් සෝදාගන්න. ඉන්පසු නටන උණු වතුරෙ විනාඩි දෙකක පමණ කාලයක් දමා තබා ඉවතට ගෙන තැටියකට දාලා අව්වෙ වේලාගන්න. ඉතින් එහෙම තමා අපේ ගෙවල් වල නම් ඉස්සර කොස් වේල ගත්තෙ.

අවශ්‍ය දේවල්:
  • වියලි කොස්
  • කපාගත් අර්තාපල්
  • ලූනූ
  • අමු මිරිස්
  • සුදුලූනූ
  • කුරුදු
  • කරපිංචා
  • රම්පෙ
  • ලුනු
  • අමු තුනපහ
  • කහ කුඩු
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • අබ
  • සුදුලූනූ
  • ලූනු
  • කරපිංචා
  • වියලි මිරිස් කරල්

සාදාගන්නා ආකාරය:
  • වියලි කොස් පැය කිහිපයක් වතුරට දාලා පොගවාගෙන සෝදා වතුර පෙරාගන්න.
  • කොස්, කපාගත් අර්තාපල්, ලූනූ, අමු මිරිස්, සුදුලූනූ, කුරුදු, කරපිංචා, රම්පෙ, ලුනු, අමු තුනපහ, කහ කුඩු, මිරිස් කුඩු ස්වල්පයක් යන මේ සියල්ල ඇතිලියකට දාලා හොදින් කවලම් කර වතුර යොදා පියනකින් වහලා තම්බාගන්න.
  • කොස් හොදින් තැම්බුනු පසු මිටි කිරි ටිකක් දාලා තරමක් උකු ගතියට වෙනකම් පිසගෙන ලිපෙන් බාගන්න.
  • තෙම්පරාදු කිරීම සදහා භාජනයක් ලිපෙ තියලා තෙල් ටිකක් දාලා රත් වෙනකොට පිලිවෙලින් අබ, සුදුලූනූ, ලූනු, කරපිංචා වියලි මිරිස් කරල් දාගන්න මෙය කොස් මාලුවට යොදා කවලම්කරගන්න.


ලිපිය ලිව්වේ: Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment