About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Gnanakatha - ඤාන කතා

මං නම් ආසම කෑමක් තමා මේ ඤාන කතා. හරිම රසයි. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ඤාන කතා හදන විදිහ. ඔයාලත් හ…
Gnanakatha - ඤාන කතා
මං නම් ආසම කෑමක් තමා මේ ඤාන කතා. හරිම රසයි. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ඤාන කතා හදන විදිහ. ඔයාලත් හදලා බලන්න. කඩෙන් ගන්න ඒවට වඩා රසයි.


අවශ්‍ය දේවල්:
  • පිටි 500g
  • බටර් 125g
  • සීනි 180g
  • කිරි කෝප්ප 3/4 (මන් නම් දැම්මේ එල කිරි)
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්

සාදාගන්නා ආකාරය:
  • සිනි, බටර් දාලා විනාඩි 10ක් වගේ බීට් කරන්න.
  • ඉන් පස්සේ පිටි, බේකින් පවුඩර් දාලා බීට් කරන්න. විනාඩි 5ක් බීට් උනාට පස්සේ ඒකට කිරිත් දාලා බීට් කරන්න.
  • ඒක හොදට ඇනුනට පස්සේ අතින් ටිකක් අනල පොඩි පොඩි බෝල හදලා තලපයක් හදන්න.
  • ඉන්පස්සේ එකට උඩින් වතුර ටිකක් ගාලා ඊට උඩින් සීනි දාන්න.
  • ඉන්පස්සේ අවන් එකේ 175°C ට දමා විනාඩි 25ක් පුළුස්ස ගන්න.

පල්ලේ ෆොටෝ ටිකත් බලන්නකෝ..
 මෙන්න මේවා තමා මම ගත්තේ

සිනියි බටරුයි බීට් කරා

පිටි, බේකින් පවුඩර් දාලා බීට් කරනවා ඔන්න. තව විනාඩි 5කින් බීට් උනාට පස්සේ මේකට කිරිත් දාලා බීට් කරනවා

 ඔන්න දැන් ඉවර වෙන්න ලගයි

ඔන්න මම අතින් ඇනුවා ටිකක්

පොඩි පොඩි බෝල හදාගෙන ඒවා තුනී කරගෙන මෙන්න මේ වගේ තලප හදා ගත්තා.
 ඔන්න දැන් උඩින් වතුර ටිකක් ගෑවා

 ඔන්න සීනිත් ගෑවා

 බේක් කරලා එහෙම එලියට ඇරන් ඔන්න දැන් මං නම් කන්න හදන්නේ.. ඔයාලත් හදන්නකෝ එහෙනම්..


ලිපිය ලිව්වේ: Inoka Desilva  මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment