About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiri Bath - කිරි බත්

මීට කලින් බත් උයාගන්න විදිහ කියලා දුන්නානේ. ඔන්න අද කිරිබත් උයාගන්න දන් නැති අයට තමා මේ ලිපිය.  අවශ්…
Kiri Bath - කිරි බත්
මීට කලින් බත් උයාගන්න විදිහ කියලා දුන්නානේ. ඔන්න අද කිරිබත් උයාගන්න දන් නැති අයට තමා මේ ලිපිය. 


අවශ්‍ය දේවල්:
  • සෝදා ගරා ගත් හාල් කප් 4
  • උකු පොල් කිරි කප් 4
  • ලුණු තේ හැඳි 2

සාදාගන්නා ආකාරය:
  • අතේ මැද ඇඟිල්ලේ දෙවෙනි පුරුක ළඟට එනකම් වතුර තියලා මුලින්ම සුදු කැකුළු බත උයාගන්න. වතුර ගානට තියාගන්න. බත බෙරි කරගන්න එපා. එහෙම වුනොත් කිරිබතට දිය රහක් එනව කොච්චර කිරි දැම්මත්. (බත් එක උයාගන්න අමාරුනම් මීට කලින් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ බත් උයාගන්න විදිහ කියලා දුන්නා. ඒක චුට්ටක් කියවලා එන්නකෝ එහෙනම්)
  • ලුණු ටික, පොල් කිරි ටිකට හොඳින් දියකරගන්න. බත ඉදුණට පස්සෙ ලී හැන්දක මිට පැත්තෙන් බත කූරු ගාලා ලුණු මිශ්‍ර කරගත්ත කිරි ටික දාලා නැවත කූරු ගාගෙන කිරි ටික හිඳෙනකම් බත උයාගන්න.
  • ලිපේ බත් උයනවනම් ගින්දර මධ්‍යම ප්‍රමාණෙන් තියාගන්න. රයිස් කුකර් එකේ හදනවනම් කිරි එක් කරන්න කලින් කුකර් එක "කුක් මෝඩ්" එකෙන් "වොර්ම් මෝඩ්" එකට වැටුණම කිරි දාලා නැවත "කුක් මෝඩ්" එකට දාන්න. එක එක බ්‍රෑන්ඩ් වල ලුණු වල රස වෙනස් වෙන හන්දා හදිසියේවත් ලුනු වැඩි වුනොත් තව පොල් කිරි ටිකක් එක් කරගන්න.


ලිපිය ලිව්වේ aniwa.lk වෙබ් අඩවියේ අය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment