About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vegetable Chop Suey 2 - එළවළු චොප්සි 2

මීට කලිනුත් අපි "එළවළු චොප්සි" එකක් හඳන විදිහ ගැන අපේ "ඉවුම් ඵිහුම්" ඇප් එකේ කත…
Vegetable Chop Suey 2 - එළවළු චොප්සි 2
මීට කලිනුත් අපි "එළවළු චොප්සි" එකක් හඳන විදිහ ගැන අපේ "ඉවුම් ඵිහුම්" ඇප් එකේ කතා කලා. මේ තව විදිහක්. මමනම් ආසම දෙයක්. හඳලා බලන්නකෝ එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන්, බට්න් මෂ්රූම්, බෙල් පෙපර්, Bean Sprout (මුං ඇට ළපටි අංකුර) වගේ ගැලපෙන එළවලු අවශ්‍ය පමණ
  • ලූණු ටිකක්
  • ලීක්ස් ටිකක් (අවශ්‍යම නෑ)
  • සෝයා සෝස් රස අනුව
  • ඹයිස්ටර් සෝස් රස අනුව
  • සුප් කැට 1 පමණ (MSG නැති වර්ගයක් ගන්න)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුනු රස අනුව
  • සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගන්න
  • තෙල් අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය:
  • කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන් වැනි එළවලු පොඩියට කපා ගෙන බාගෙට තැම්බෙන තුරු ස්ටීම් කරන්න.
  • තෙල් මේස හැඳි 2-3 (එළවලු අනුව ප්‍රමාණය හිතා ගන්න) රත් වෙන කොට සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගෙන දාන්න.
  • එයට ලූනු සහ ලීක්ස් ටිකක් දාන්න.
  • එය බැදෙන විට Bean Sprout, බට්න් මෂ්රූම්, බෙල් පෙපර් (තිබේ නම්) දමා කවලම් කරන්න.
  • දැන් එයට ස්ටීම් කරපු එලවලු දමා කවලම් කර වසා විනාඩි 2 පමණ තියන්න.
  • එයට ගම්මිරිස් කුඩු ටිකක්, සෝයා සෝස් සහ ඔයිස්ට සෝස් (තියෙනවා නම්) රස අනුව දමා කවලම් කරන්න.
  • සුප් කැටයක් දිය කර දැම්මොත් තවත් රසයි. ඒත් MSG නැති සුප් කැට විතරක් දාන්න. සුප් කැට දාන්නේ නැති නම් වතුර මේස හැඳි කීපයක් දමන්න. මෙය තවත් විනාඩි 1-2 (එළවලු බාගෙට තැම්බෙන ගානට) කවලම් කරමින් ලිපේ තබන්න.
  • කෝන් පිටි මේස හැන්දක් සහ සිනී චූට්ටක් (තේ හැඳි 1/4) විතර ඇල් වතුර කෝප්ප 1/2 ක දියකර චොප්සියට දමා හැඳි ගා දිලිසෙන ගතිය ආවිට බාන්න. කලින් චොප්සි එක හදනවා නම් මේසයට යවන්න ලං කර ලිපේ විනාඩියක් පමණ තබා කෝන් පිටි මිශ්‍රණය දමා ගන්න.
  • අන්තිමටම ලුණු රස හරිද බලන්න. ලුණු වැඩි කර ගන්න එපා. සෝයා සෝස්, ඔයිස්ට සෝස්, සුප් කැට ලුණු රස වැඩි කරනවා. ලුණු වැඩි වෙලා නම් වතුර ටිකක් දමන්න.


ලිපිය ලිව්වේ: ඉන්දුනී වැලිවිට මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment