About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Biscuit Pudding - අන්නාසි බිස්කට් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ අන්නාසි සහ බිස්කට් යොදාගෙන පුඩිමක් හදාගන්න විදිහ. මේ පුඩිම හදන විදිහ අප…
Pineapple Biscuit Pudding - අන්නාසි බිස්කට් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ අන්නාසි සහ බිස්කට් යොදාගෙන පුඩිමක් හදාගන්න විදිහ. මේ පුඩිම හදන විදිහ අපිට එව්වේ ඔයාලා වගේම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ ආහාර වට්ටෝරු බලන මිතුරියක්. අපි ඉල්ලුවා කෑල්ලක්, දෙන්නම බෑ කිව්වනේ.. ඔන්න එහෙනම් මුලින්ම අපි ඇයට ස්තූතියි කියලා ඉම්මු අපිට මේ වගේ රසවත් පුඩිං එකක් හදන විදිහ ලෝභ නැතුව කියලා දුන්නට. හඳමු එහෙනම්.

 අවශ්‍ය ද්‍රව්‍ය:
  • සිහින් පෙති කපා ගත් අන්නාසි සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 1
  • සීනි (අවශ්‍ය පරිදි)
  • ජලය (අවශ්‍ය පරිදි)
  • සාමාන්‍ය ප්‍රමාණයේ කුරුදු පොතු 1
  • වැනිලා ස්වල්පයක්
  • මාරි බිස්කට් 350g
  • නැවුම් කිරි (Fresh Milk) 750ml
  • විපින් ක්‍රීම් (Whipping Cream) පැකට් 1
  • අයිස් කැට කිහිපයක්
මුලින්ම අන්නාසි ස්ටූ කර ගමු. ඒ සඳහා :
  • පෑන් එකක් ගෙන එයට අන්නාසි පෙති, අවශ්‍ය පමණ ජලය, කුරුඳු පොත්ත, වැනිලා ස්වල්පය හා සීනි මේස හැඳි 5ක් පමණ දමා මද ගින්නේ උයා ගන්න.
  • අන්නාසි පෙති මෘදු වන තරමට තැම්බුනාට පසු ලිපෙන් ඉවත් කර පසෙකින් තබන්න.

විපින් ක්‍රීම් (Whipping Cream) සාදා ගැනීම සඳහා :
  • බදුන් 2ක් (කුඩා බදුනක් සහ එම කුඩා බදුන ඇතුල් කර හැකි ප්‍රමාණයෙන් ඊට වඩා විශාල බදුනක්) ගන්න. දැන් විශාල බදුන ගෙන එයට අයිස් කැට දමන්න. කුඩා බදුන ගෙන එය අයිස් කැට සහිත විශාල බදුනේ ගිල්වා ගන්න.
  • දැන් කුඩා බදුනට විපින් ක්‍රීම් දමා හොදින් බීට් කර ගන්න. මේ ආකාරයට විපින් ක්‍රීම් සාදා ගැනීමෙන් විපින් ක්‍රීම් වල පුළුන් ගතිය මෙන්ම ප්‍රමාණයද වැඩි වේ.
අන්නාසි බිස්කට් පුඩිං පිළියෙල කර ගැනීම සඳහා :
  • දැන් භාජනයකට නැවුම් කිරි දමා ගන්න. එයට තමන්ට අවශ්‍ය පමණ සීනි කලවම් කර හොඳින් දිය කර ගන්න. වඩා පැණිරසයට අකමැති නම් සීනි නොදමා වුවද ගත හැකිය. නැවුම් කිරි(Fresh Milk) නොමැති නම් කිරි පිටි ගෙන සාමාන්‍ය ආකාරයට සාදා යොදා ගන්න.
  • දැන් පුඩිම සාදා ගැනීමට වීදුරු හෝ වෙනත් සුදුසු භාජනයක් ගන්න.
  • මාරි බිස්කට් ටික ටික ගෙන ඒවා කිරි වල දමා ඉක්මනින් පොගවා ගන්න. මුලින්ම භාජනයේ යට අඩිය වැසෙන සේ කිරි වල පොගවා ගත් මාරි බිස්කට් අතුරන්න. පසුව එය උඩින් ස්ටූ කර ගත් අන්නාසි තට්ටුවක් අතුරන්න. ඉන්පසු විපින් ක්‍රීම් තුනී තට්ටුවක් අතුරා ගන්න. නැවත කිරි වල පොගවා ගත් මාරි බිස්කට් එය උඩින් අතුරන්න. අවශ්‍ය නම් මාරි බිස්කට් බ්ලෙන්ඩර් කර කුඩූ කර හිස් තැන් වලට දමා ගත හැකියි. අන්තිමට උඩින් ඇතිරීම සඳහා විපින් ක්‍රීම් ඉතිරි කර ගන්න. මේ අයුරින් මාරි බිස්කට් හා අන්නාසි සියල්ල අවසන් වනතුරු තට්ටුවෙන් අතුරා ගන්න.
  • දැන් ඉතිරි වූ කිරි හා අන්නාසි ස්ටූ එකේ ඉතිරි වූ සිරප් එයටම නිසි පරිදි වක් කර ගන්න.
  • අවසාන වශයෙන් ඉතිරි කර ගත් විපින් ක්‍රීම් වලින් පුඩිම ආවරනය කර ගන්න. අවශ්‍ය නම් බේක් කර ගත් කජු ටිකක් හෝ කුඩා අන්නාසි කැබලි කීපයක් උඩින් දමා සරසා ගත හැකිය.
  • පසුව පැය කිහිපයක් ශිතකරනයේ (fridge) තබා ගැනීමෙන් අනතුරුව රස විදින්න.
වැදගත්:
  • මෙය විපින් ක්‍රීම් යොදා නොගෙන මාරි බිස්කට් හා අන්නාසි තට්ටු පමණක් අතුරා ගැනීමෙන් වුවද සැකසිය හැකිය.
  • මේ සඳහා වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙන ටින් කළ අන්නාසි වුවද භාවිතා කළ හැකිය.



ලිපිය ලිව්වේ: G.සෙව්මි උපේක්ෂා මෙනවිය. මෙම වට්ටොරුව පිළිබද ඇයට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment