About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mahallabia Pudin - මහල්ලාබියා පුඩිම

විකිපීඩියා විශ්වකෝශයට අනුව මේ පුඩින් එක හඳන්නේ මැද පෙරදිග, තුර්කියේ, සයිප්‍රස් වගේ රටවල් වල. රසඳුන …
Mahallabia Pudin - මහල්ලාබියා පුඩිම

විකිපීඩියා විශ්වකෝශයට අනුව මේ පුඩින් එක හඳන්නේ මැද පෙරදිග, තුර්කියේ, සයිප්‍රස් වගේ රටවල් වල. රසඳුන සඟරාවේ තිබුන ලිපියකින් තමා මන් මේ ආහාර වට්ටෝරුව උපුටා ගත්තේ. එතන දාලා තිබුනේ "මහල්ලාබියා" කියලා මේ පුඩින් එකේ නම. ගොඩක් වෙලාවට මේ පුඩින් වර්ගයට Muhallebi, Muhallabia, Mallabi', Mahallebi, Mahallepi කියන නම් පාවිච්චි කරනවා කියලා විකිපීඩියා විශ්වකෝශයේ දාලා තිබුනා. ඔයාලත් හදලා බලන්නකෝ එහෙනම්. ලිපිය උපුටා ගත්තේ රසඳුන සඟරාවෙන්.


අවශ්‍ය දේවල්:
  • එළකිරි - 500ml
  • බඩඉරිඟු පිටි - 100g
  • කජු - 50g
  • වියළි මිදි - 50g
  • රෝස් එසන්ස් තේ හැඳි - ½
  • රස අනුව සීනි

සාදාගන්නා ආකාරය:
  • පිරිසිදු භාජනයක් ළිප තබා එයට කිරි දමා රත්කර ගන්න.
  • යාන්තමට රත් වනවිට එයින්  ගෙන බඩ ඉරිඟු පිටි දමා දියකර පසෙකින් තබන්න.
  • ඉතිරි 1‍/2 උතුරවා එයට සීනි ෂෝස් එසන්ස් එක්කර ගන්න.
  • දැන් එම කිරි එකටම ‍කෝන්පිටි එක්කර ගත් කිරි ද එක්කර කළවම් කරගන්න. සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. උඩින් කජු, මිදි ඉස අලංකාර කර පිළිගන්වන්න.


ලිපිය උපුටා ගත්තේ රසඳුන සඟරාවෙන් (සිළුමිණ පත්තරේ වෙබ් අඩවියෙන්- silumina.lk).
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment