About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thumba Karavila Curry - තුඹ කරවිල ව්‍යාංජනය

ගොඩක් අය දන්නෙ නැ අකොහොමද තුඹ කරවිල උයන්නෙ කියලා. මේ මම උයන විදිහ. දානයකට තමයි හැතුවේ. ඒ කියන්නෙ 35…
Thumba Karavila Curry - තුඹ කරවිල ව්‍යාංජනය
ගොඩක් අය දන්නෙ නැ අකොහොමද තුඹ කරවිල උයන්නෙ කියලා. මේ මම උයන විදිහ. දානයකට තමයි හැතුවේ. ඒ කියන්නෙ 35 (30-40 කට වගේ) දෙනෙකුට විතර. හදලා බලන්නකෝ. හරිම රසයි.


අවශ්‍ය දේවල්: (35 දෙනෙකුට)
  • තුඹ කරවිල 1200g
  • ලොකු බී ළුණු ගෙඩි 2ක්
  • සුදු ළුණු බික් 10-15ක්
  • කරපිංචා ටිකක්
  • අමුමිරිස්‌ කරල් 6,7ක්
  • කහ කුඩු තේ හැඳි 1/4ක්
  • තුනපහ කුඩු මේස හැන්දක්
  • මිරිස් කුඩු මේස හැන්දක්
  • කුරුඳු පොතු 3ක් ( ලොකු කෑලි )
  • අබ ඇට තේ හැන්දක්
  • සියඹලා බොර මේස හැඳි 11/2ක්
  • තෙල් මේස හැඳි 2ක්
  • උකු මිටිකිරි කෝප්පයක්
  • වතුර කෝප්ප 1/4ක්
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තුඹ කරවිල ටික හොඳින් සෝදා දිග අතට 4ට කපන්න. ළුණු, සුදුළුනු, කරපිංචා, අමුමිරිස් සිහින්ව කපා වෙනමම තියා ගන්න.
  • ඉන්පසුව තුඹ කරවිල ටිකට කහ, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු හා සියඹලා බොර ටික දමා හොඳින් කලවම් කරන්න.
  • භාජනයක් ලිප තබා එයට තෙල් ටික දමා තෙල් රත්වන විට අබ ඇට ටික දමන්න. අබ පුපුරනකොට එයට සුදුළුනු හා කරපිංචා දමා බැදෙන්න හරින්න.
  • සුදුළුනු රන්වන් පාට වනවිට එයට බී ළුණු, අමුමිරිස් හා කුරුඳු පොතු ද දමා තරමක් ඒවාද බදෙනකොට තුඹ කරවිල ටිකත් දමා හොඳින් කලවම් කර වතුර ටික දමා වසා තම්බෙන්නට තබන්න.
  • වරින් වර කලවම් කරමින් තුඹ කරවිල හොඳට තැම්බුනාම මිටිකිරි ටික දමා, රස අනුව අවශ්‍යනම් තව ලුණු ද දමා හින්දවා ගන්න.
මේ තියෙන්නේ හදාගත්තු ව්‍යාංජනය. හරිම රසයි!



ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment