About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thala Kerali - තල කැරලි

ලොකු කුඩා කවුරුත් ආස අපේම දේශීය රස කැවිලි වර්ගයක් වන තල කැරලි හදන්නේ මෙහෙමයි. අවශ්‍ය දේවල්: එල කරගත් …
Thala Kerali - තල කැරලි
ලොකු කුඩා කවුරුත් ආස අපේම දේශීය රස කැවිලි වර්ගයක් වන තල කැරලි හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:
  • එල කරගත් තල 250g
  • කිතුල් හකුරු 250g
  • අගල් 2 1/2 දිග විශ්කම්භය 1/2" එස්ලෝන් බට කෑල්ලක්, සහ එම ප්‍රමානයට ගැලපෙන රවුම් දිග කෝටුවක්
  • එනසාල් ඇට 2
  • ලුණු ස්වල්පයක්
  • වංගෙඩියක්
  • ටිෂු කොල, ඔයිල් පේපර්ස් හෝ සෙලෆින් කෑලි

සාදාගන්නා ආකාරය:
  • තල ගරා සෝදා වේලාගන්න. ඉන්පසු කබලේ ටිකක් රත්කර ගන්න.
  • තල වලට ලුනු ස්වල්පයක් එක්කර, හකුරු, එනසාල් යන සියල්ලම වංගෙඩියට දමා ගුලි කරන්න පුලුවන් අවස්ථාට එනතුරු කොටා ගන්න.
  • ඉන්පසු එස්ලෝන් බට කෑල්ලට මිශ්‍රණය පුරවා හොදින් තද කර ලී කැබැල්ලෙන් එලියට තල්ලු කරන්න.
  • 2'' ප්‍රමානයට කපා ගන්න.
  • මෙය ඔයිල් පේපර් හෝ සෙලෆින් කෑල්ලක ඔතා ටිෂු කොලවල ඔතන්න. (උඩ තියෙන ෆොටෝ එකේනම් ටිශූවල ඔතලා නෑ)
  • රසයි. පිරිසිදුයි.


වැදගත්:
  • මේකට පොල් නම් දාන්නේ නෑ. නමුත් පොල් දාන්න පුලුවනි. කල් තියා ගන්න මේ විදිය හොදයි.

ලිපිය ලිව්වේ: Seetha Ponnamperuma මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment