About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chop Suey Rice - චොප් සුයි රයිස්

අවශ්‍ය දේවල්: කැරට් ගෝව බේබි කෝර්න් (Baby Corn) ලීක්ස් ගෝව මල් බෝන්චි ඉගුරු සුදුලූනු ලූනු තක්කාලි චිකන් සෝසේජස්…
Chop Suey Rice - චොප් සුයි රයිස්
අවශ්‍ය දේවල්:
  • කැරට්
  • ගෝව
  • බේබි කෝර්න් (Baby Corn)
  • ලීක්ස්
  • ගෝව මල්
  • බෝන්චි
  • ඉගුරු
  • සුදුලූනු
  • ලූනු
  • තක්කාලි
  • චිකන්
  • සෝසේජස් (Sausages)
  • ඩාර්ක් සෝයි සෝස් (Dark Soy Sauce)
  • ඔයිස්ටර් සෝස් (Oyster sauce)
  • සීනි
  • කෝර්න්ෆලර් (Cornflour)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බත් එක උයාගන්න. මම Chicken Cube එකක් දාල උයාගත්තෙ.
  • චිකන් පොඩියට කපාගෙන භාජනයකට දමා, චිකන් වහෙන තරමට වතුර දාල, ලුනු ටිකක් දාල ලිපේ තියන්න. හොඳින් තම්බුනාට පස්සෙ stock එක වෙනම භාජනයකට දාන්න. ඒ stock එකට කෝර්න්ෆලර්, සීනි එකතු කරගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාල ලිපේ තියල, එකට ඉගුරු සුදුලූනු තලල දාන්න. ඒකටම එලවලු, ලූනු, තක්කාලි, සෝසේජස්, මස් ටික දාල හොඳින් කලවම් කරගන්න. දැන් ඒකට සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්,  කෑලි මිරිස් (කැමාතිනම්) දාගන්න. ලුනු රස අනුව බලල දාන්න.
    අන්තීමට stock එක එකතු කරන්න්න.
  • මම Chop Suey එක බත් එකට කලවම් කරා. කලවම් කරේ නැතත් කමක් නැහැ.

වැදගත්:
  • එලවළු තැම්බෙන්න ඕනෙද?
    • Stock වතුරේ තැම්බෙන්න තියන්න.

ලිපිය ලිව්වේ: Himashini De Silva මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment