About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jeera Rice - ජීරා රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී සහල් කෝප්ප දෙකක් සූදුරු මේස හැදි දෙකක් පමන ගී හෝ බටර් (බටර් දානවනම් තෙල් ස්වල්…
Jeera Rice - ජීරා රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී සහල් කෝප්ප දෙකක්
  • සූදුරු මේස හැදි දෙකක් පමන
  • ගී හෝ බටර් (බටර් දානවනම් තෙල් ස්වල්පයක්)
  • වේලිච්ච මිරිස් කරල් දෙකක්
  • කුරුදු පොත්තක්
  • බේ ලීව්ස් කොළ දෙකක්
  • එනසාල් ඇට දෙක තුනක්
  • කොත්තමල්ලි කොළ (අවශ්‍යම නැත)
  • කහ ස්වල්පයක් (අවශ්‍යම නැත)
  • ලුනු ස්වල්පයක්
  • වතුර

සාදන විදිහ
  • මුලින්ම බාස්මතී සහල් ටික සෝදා පැය බාගයක් පමන පෙගෙන්නට හරින්න.
  • ඉන්පසුව බාජනයක් ගෙන ලිප තබා එයට ගී (ගී දානවානම් බත ගොඩක් රසවත් වේවි) හෝ බටර් දමා (බටර් දානවනම් තෙල් පොඩ්ඩක් දමන්න බටර් ටික ඉක්මනින් වාෂ්ප වෙන එක වැලකේවි) රත් වී ගෙන එනවිට එයට මිරිස්, කුරුදු, බේ ලීවස්, එනසාල් ටික දමා පොඩ්ඩක් හැදි ගා ඉන්පසු එයට සූදුරු ටික එකතු කරගන්න.
  • මේ ටික බැදීගෙන එනවිට කහ ස්වල්පයක් එක්කර (බත කහ පාටට අවශ්‍යනම්) ඉන්පසු මෙයට පොගවා ගත් බාස්මතී සහල්ටික එකතු කර හොදින් කලවම් කරගන්න.
  • ඉන්පසු මෙයට වතුර කලවම් කර ලුනු ස්වල්පයක් දමා සාම්න්‍ය විදිහට බත ෆිසගන්න ( මම නං වතුර කලවම් කරේ හාල් කෝප්ප දෙකට වතුර කෝප්ප දෙකා මාරකට චුට්ටක් අඩුවෙන් වගේ ). මම නම් මේ බත ෆිස ගත්තේ රයිස් කුකර් එකේ හොදේ.
  • බත ඉදුනාට පසු චොප් කරගත් කොත්තමල්ලි කොළ ටිකක් එක්කර ආහාරයට ගන්න.


ලිපිය ලිව්වේ: ගයාන් එරන්දක මහත්මයා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment