About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiriya - කිරියා හදමු

ඇසල පෝය හෝ නිකිණි පෝය, අපි ශුද්ධ පෝය ලෙස හදුන්වනවා. අවුරුද්දේ ශුද්ධ පෝය දවසේ රාත්‍රියට කිරි (කිරියා…
Kiriya - කිරියා හදමු
ඇසල පෝය හෝ නිකිණි පෝය, අපි ශුද්ධ පෝය ලෙස හදුන්වනවා. අවුරුද්දේ ශුද්ධ පෝය දවසේ රාත්‍රියට කිරි (කිරියා) සමග කිරි බත් සකස් කර දෙවියන්ට පුජා කිරීමේ චාරිත්‍රයක් දකුණේ ගාල්ල ප්‍රදේශවල පවතිනවා. මේක පෙනුමෙන් දොදොල් වගේ උනත් ඒ තරන්ම ඝනකම නම් නෑ. හරිම මෘදුයි. සමහර ප්‍රදේශවල කිරි අම්මලාගේ දාන වලට එහෙම හදනවා මේ කිරියා.


අවශ්‍ය දෙවල්:
  • රතු කැකුළු හාල් කිලෝ 1
  • පොල් ගෙඩි 2
  • පැණි බෝතල් 1
  • හකුරු ග්‍රෑම් 500
  • සීනි කිලෝ 1
  • ලුණු
  • එන්සහල්
  • වැනිලා

සාදාගන්නා ආකාරය:
  • හාල් පෙගෙන්න දමා කොටා ගන්න.
  • කොටා ගත් පිටි බැදාගන්න.
  • පොල් ගෙඩි 2කෙන් පළමු හා දෙවන කිරි එකටත්, තුන වෙනි කිරි වෙනමත් මිරිකා ගන්න.
  • මැටි ඇතිලියක් ගෙන එයට තුන් වෙනි කිරි, සහල් පිටි, දමා හොදින් දිය කරගන්න. සීනි සහ පැණි, හකුරු, ලුණු දමා කලවම් කර ලිපේ තබා හැඳි ගන්න.
  • මදක් ඝනවන විට ඉතුරු පොල් කිරි සියල්ල එකතු කර හැඳි ගාමින් උයන්න .
  • දියාරු ගතිය නැති වී ඝන වූ විට ලිපෙන් ඉවත් කර වැනිලා කජු රට ඉදි වියලි මිදී එකතු කරගන්න. (හොදින් ඝන වූ විට හැන්දෙන් දියාරුවට වටෙනේ නැතුව කැබලි වගේ වැටෙනවා ඒකතමයි පදම. අනිත් දේ තමයි ගින්දර වැඩිපුර දන්නා එපා එහෙම උනාම කර වෙනවා.)
  • ඉන්පසු තැටිවලට දමා නිවුන පසු කැබලි කපාගන්න.
 


ලිපිය ලිව්වේ: Danu Gunasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment