About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pani Walalu - පැණි වලලු

පැණි වලලු එහෙමත් නැත්නම් උදු වැල් හදාගන්නෙ කොහොමද කියලා බලන්න කලින් කියන්න ඕනි පැණි වලලු හදන්න අවශ්…
Pani Walalu - පැණි වලලු
පැණි වලලු එහෙමත් නැත්නම් උදු වැල් හදාගන්නෙ කොහොමද කියලා බලන්න කලින් කියන්න ඕනි පැණි වලලු හදන්න අවශ්‍ය කලමනා වගේම අත්‍යවශ්‍ය තවත් කරුණු දෙකක් තියෙනවා. ඒතමයි කාලය හා ඉවසීම. මේ වගේ රස කැවිලි හදාගන්න හදන මිශ්‍රණය නියම පදමට එන්න සැලකිය යුතු කාලයක් ගතවෙනවා. එවගේම ඉවසීමත් ඕනි නැත්නම් ඉතින් පැණි වලලු ලස්සනට හදන්න අමාරුයිි. හරි දැන් අපි බලමු කොහොමද රසම රස පැණි වලලු හදන්නේ කියලා.


අවශ්‍ය දෙවල්:
  • උදු ඇට කොප්පයක්
  • හාල්පිටි කෝප්ප භාගයක්
  • පාන් පිටි කෝප්ප කාලක්
  • පොල් කිරි මේස හැදි හතරක් (මිටි කිරි)
  • ලුනු තේහැදි කාලක්
  • වතුර
  • සීනි කොප්පයක්
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • උදු ඇට ටික පැය 6 ක් පමණ පොගවාගන්න.
  • පසුව වතුර පෙරලා කෑලි නැති වෙන්න කොටාගන්න.
  • කොටාගත් උදු එකට හාල් පිටි පාන් පිටි ලුනු හා වතුර මිශ්‍ර කර ඝන මිශ්‍රණයක් ආකාරයට සාදාගෙන පිපීම සදහා පැය 12ක් පමණ වසා තබන්න.
  • මිශ්‍රණය පිපුනට පස්සෙ තිබූ මිශ්‍රණය මෙන් දෙගුණයක් වෙනවා. දැන් ඒ මිශ්‍රණය පොල් කිරි පොඩ්ඩ පොඩ්ඩ දාලා විනාඩි පහක් පමණ බීට් කරගන්න.
  • සාදාගත් මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාගන්න (පයිපින් බෑගයේ කෙලවර කතුරකින් කපලා පොඩි සිදුරක් සාදාගන්න). සාම්ප්‍රදායිකව නම් බොත්තම් කාසයක් මසාගත් රෙදි කෑල්ලක් තමා භාවිතා කරන්නේ දැන් ඊට වඩා ලේසි ක්‍රම තියෙනවනෙ එනිසා පයිපින් බෑග් එකක් පාවිච්චි කරමු.

පැණි ටික හදාගන්නේ මෙහෙමයි:
  • භාජනයකට සීිනි ටිකත් වතුර පොඩ්ඩ්කුත් දාලා (ලිපේ තියලා) යාන්තම් දුඹුරු පැහැ වෙද්දි වතුර කෝප්පයක් පමණ දාලා පැණි එක සාදාගන්න. කිතුල් පැණි තියෙනවා නම් වැඩේ තවත් ලේසි.

දැන් පැණි වලලු හදමු:
  • තවත් භාජනයකට අගලක් පමණ උසට තෙල් දාලා අඩු ගින්දරෙන් රත් කරගන්න.
  • ලිප් දෙකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනි තෙල් භාජනය එක ලිපකත් අනිත් ලිපේ පැණි එකත් තියාගන්න. ලිප් දෙකේම ගින්දර නම් ගොඩාක් අඩුකරගන්න.
  • දැන් පයිපින් බෑග් එකේ තියෙන මිශ්‍රණය තෙල් එකට හෙමීට පැණි වලලු හැඩයට දාගන්න.
  • රන්වන් පාට වෙනකොට සාදා ගත් පැණි වලල්ල අනිත් ලිපේ බුබුළු දමමින් තියෙන පැණි එකට දාගන්න. විනාඩියක් පමණ පැණි එකේ තියෙන්න ඇරලා වෙනත් භාජනයකට අසුරාගන්න.
  • මේ ආකාරයට සියල්ලම සාදාගෙන නිවෙන්න තබාගන්න.

වැදගත්:
  • පැණි වලලු හදද්දී ගොඩාක් පරිස්සමින් වතුර බිංදුවක්වත් තෙල් එකට නම් වැටෙන්න දෙන්න එපා.
  • කඩේ තියෙන උදු පිටි ඇරන් හදත්දී බලාගෙන. ඒවගෙන් මේ විදිහටම එයිද කියලා කියන්න බෑ. මොකද ඒවා 100%ම උදු පිටිද කියලා දන් නෑනේ අපි. හොදම දේ උදු ඇට ගන්න එක. 
  • පැණි පදම ඉක්මවා රත් කරන්න එපා. එතකොට හයි වෙයි. ඇගිලි තුඩු දෙකට පැණි පොඩ්ඩක් ඇරන්  බලන්න එතකොට නූලක් වගේ ඇදෙනවනම් ඒක තමා නියම පදම. ඒවගේම ගින්දර හුගක් අඩුවෙන් තමා දාන්න ඕනේ. ගොඩක් පැණි වලලු හදද්දි පැණි එක සකස් කර කරලා පොඩ්ඩ පොඩ්ඩ රත් කර කර ගන්න.

පියවරවල් වල ජායාරූප කිහිපයක්:

උදු ඇට ටික පැය 6 ක් පමණ පොගවාගත්තා

වතුර පෙරලා කෑලි නැති වෙන්න කොටාගත්තා

කොටාගත් උදු එක, හාල් පිටි, පාන් පිටි හා වතුර


 කොටාගත් උදු එකට හාල් පිටි පාන් පිටි ලුනු හා වතුර දැන්මා



 පිපෙන්න තිබ්බා

 පිපුනහම මේ

දැන් ඒ මිශ්‍රණය පොල් කිරි පොඩ්ඩ පොඩ්ඩ දාලා විනාඩි පහක් පමණ බීට් කරගත්තා
 


 සාදාගත් මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාගත්තා

 දැන් පයිපින් බෑග් එකේ තියෙන මිශ්‍රණය තෙල් එකට හෙමීට පැණි වලලු හැඩයට දාගත්තා (කෙලවරේ තියෙන සිදුරෙන් තමා)

 ඔන්න දෙකක්ම දාගත්තා

 රන්වන් පාට වෙනකොට හරි

සාදා ගත් පැණි වලල්ල අනිත් ලිපේ බුබුළු දමමින් තියෙන පැණි එකට දාගත්තා
 
ඔන්න වැඩේ හරි. ඉවරයි.
 
ඔන්න දැන් අපි කන්න යන්නේ..



ලිපිය ලිව්වේ: Gayathri Muthunayaka මහත්මිය

    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment