About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiri Toffee - කිරි ටොපි

අවශ්‍ය දෙවල්: මිල්ක්මේඩ් ටින් 1 ( 390 g ) එ ටින් එකෙන්ම සිනි , ටින් 1 වැනිලා තේහැදි 1 1/2 බටර් මේසහැද…
Kiri Toffee - කිරි ටොපි
 අවශ්‍ය දෙවල්:
  • මිල්ක්මේඩ් ටින් 1 ( 390 g )
  • එ ටින් එකෙන්ම සිනි , ටින් 1
  • වැනිලා තේහැදි 1 1/2
  • බටර් මේසහැදි 1
  • අවශ්‍ය නම් පොඩියට කපා ගත් කජු ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින් වියලි භාජනයක් අරගෙන මිල්ක්මේඩ් හා සිනි එකට දමා හොදට කලවම් කර, ගින්දර අඩු කර ලිපේ තියා උණු කර ගන්න (ගින්දර අඩුවෙන් දාන්න කිව්වේ , නැතිනම් භාජනයේ කිරි ටික අඩි අල්ලා, කලු පාට වන නිසා).
  • ඔය විදියට කිරි ටොපි මිශ්‍රණය හොදට උණු කර ගෙන යන කොට හොද උකුවට මිශ්‍රණය එන බව පෙනෙයි (මතක තියා ගන්න කිරි ටොපි මිශ්‍රණය දිගටම හැදි ගාන්න).
  • දැන් කිරි ටොපි මිශ්‍රණය හොදට උකු වී එන විට එයට බටර් ටික / කජු ටික හා වැනිලා ටික ද දමා හොදින් හැදි ගා ගන්න.
  • ඔය අතරේ සාමාන්‍ය පොඩි සිල්වර් ට්‍රේ එකක් හෝ පැතලි කේක් ට්‍රේ එකක් අරගෙන බටර් ගා ගෙන පසෙකින් තියා ගන්න.
  • දැන් පෙනෙවි කිරි ටොපි මිශ්‍රණය එකට ගුලි වී එන බවක්, හැදි ගාන කොට.
  • එ වගේම භාජනයේ වටේ ගෑවි තියෙන කිරි ටොපි මිශ්‍රණය වියලි ගතියට ඇවිත් තියෙනවා පෙනෙවි. එ කියන්නෙ කිරි ටොපි මිශ්‍රණය ලෑස්තියි.
  • දැන් ඉක්මනින් භාජනය ඉවතට අරගෙන පිලියෙල කර ගත් ට්‍රේ එකට, අත ඉක්මන් කර මිශ්‍රණය දමා, බටර් ටිකක් ගා ගත් සිල්වර් හැන්දකින් කැමති විදියට තුනි කර ගන්න (මේ සියල්ල ඉතා ඉක්මනින් කල යුතුයි. මොකද නැතිනම් කිරි ටොපි මිශ්‍රණය ඉක්මනින් වියළි ගතියට එන නිසා.).
  • පසුව තුනි කර ගත් කිරි ටොපි මිශ්‍රණය මත, කැමති සයිස් එකට කිරි ටොපි කැලි සලකුණු කර ගන්න (එතකොට ඉතා ඉක්මනින් හා ලස්සනට කිරි ටොපි කැලි කපා ගන්න පුලුවන් නිසා.)
  • පසුව හොදින් වියළි ගතියට කිරි ටොපි ආ පසු කැලි වෙන් කර ගන්න.


    ලිපිය ලිව්වේ: කාංචනා ජෝශප් මහත්මිය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment