About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Toffee - පොල් ටොපි

මම පොල් ටොපි හැදුවා. මම හැදුවේ ටිකක් වෙනස් විදියට. එ කියන්නේ මිල්ක් පවුඩර්ත් දමා. මොකද ලංකාවේ තියෙන…
Coconut Toffee - පොල් ටොපි
මම පොල් ටොපි හැදුවා. මම හැදුවේ ටිකක් වෙනස් විදියට. එ කියන්නේ මිල්ක් පවුඩර්ත් දමා. මොකද ලංකාවේ තියෙන පොල් ටොපි ටිකක් පවුඩර් හා පිටි ගතියට තියෙන නිසා මම එ විදියට ගන්න ට්‍රයි කලේ. එ වගේම හොදට ආවා.


අවශ්‍ය දෙවල්:
  • හිනියට ගා ගත් පොල් 450g
  • සිනි 550g හෝ 600g
  • වතුර 150ml
  • රෝස් වෝටර් තේහැදි 1/2 හා කැමති කලරින් ටිකක්
  • මිල්ක් පවුඩර් මේසහැදි 3
  • බටර් ගා ගත් තැටියක්

සාදාගන්නා ආකාරය:
  • හිනියට ගා ගත් පොල් 450g අරගෙන එක කබලේ ටික වේලාවක් බැද ගන්න. ගින්දර අඩු කර ගෙන හොදේ.
  • පොල් ටික තෙත ගතිය ගිහින් වියළි ගතියට ආවාම බෙලෙන්ඩර් එකට දමා කුඩු කරන්න. ගොඩක්ම එපා.
  • පසුව සිනි 550g හෝ 600g, වතුර 150ml, භාජනයකට දමා හොදින් උණු කරන්න. එකටම රෝස් වෝටර් තේහැදි 1/2 හා කැමති කලරින් ටිකක් දමා ගන්න.
  • පසුව බෙලෙන්ඩර් කර ගත් පොල් ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
  • පොල් වල වතුර ගතිය හිදි ගිහින් තික් මිශ්‍රනයක් හැදෙන කොට මිල්ක් පවුඩර් මේසහැදි 3 දමා හොදින් මිශ්‍ර කරන්න.
  • පසු පොල් මිශ්‍රනය එකට ගුලි වෙන ගතියට එන කොට බටර් ගා ගත් තැටියක දමා තුනි කර කැලි කපා ගන්න.

වැදගත්:
  • මිශ්‍රනයෙ පදම හරි යන කොට වටේ තියෙන පොල් ටිකක් වියළි ගතියක් එනවා. එ කියන්නේ පොල් ටොපි පදම හරි.
  • මතක තියා ගන්න පොල් වල තියෙන වතුර ගතිය හොදට යනකම්ම ලිපේ තියා ගන්න. වතුර ගතිය තියෙන කොට පොල් ටොපි මිශ්‍රනය අරගෙන තුනි කලෝත් බලන්න පොල් ටොපි වල ටිකක් හයිය ගතියක් එනවා. එ නිසා ලිපේ ගින්දර අඩු කර වැඩි වේලාවක් මේ මිශ්‍රනය ලිපේ තියා ගෙන හරි පදම හදා ගන්න.
  • ඩෙසිකේටඩ් පොල් වලින් හදන්න බැයිද? "ඩෙසිකේටඩ් පොල් බෙලෙන්ඩර් කරලා ගන්න. හදන්න පුලුවන්."
  • රෝස් වෝටර් නැතිනම් දැම්මෙ නැති උනාට කමක් නැහැ.
  • මේක සතියකට වඩා තියා ගන්න පුළුවන්. හොදට හුලං නොවදින ලෙස භාජනයක දමා වසා තියන්න.
  • සීනි උනු කරලා ඒකට වතුර දැන්මම සීනි කැට වෙනවනේ. ඒකට මොකද කරන්නේ? "නැහැ නේ සිනි හා වතුර පොඩ්ඩක් දමා මුලින් උණු කරන්න ඕනා. එක බ්‍රවුන් පාටට එන කොට තමා ගින්දර අඩු කරලා වතුර ටික ටික දාලා පැණි හදා ගන්න ඕනා. එතකොට සිනි කැට වෙන්නේ නැහැ. පැණි ගතියට එනවා."
  • සිනි නුල් ඇදෙන ප්‍රමාණයට ගන්න එපා. සමාන්‍ය විදියට උණු කරන්න. නැත්නම් කටේ ඇලෙන ගතියක් එනවා. 


ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment