About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Couscous Welithalapa - කුස් කුස් වලින් වැලි තලප හදමු

කුස්කුස් හා ඩෙසිකට් පවුඩර් සොයා ගැනීමට පහසු නිසා මෙය පිට රටක ඉන්න කෙනෙකුටනම් ඉතා පහසුවෙන් සාදා ගන්න…
Couscous Welithalapa - කුස් කුස් වලින් වැලි තලප හදමු
කුස්කුස් හා ඩෙසිකට් පවුඩර් සොයා ගැනීමට පහසු නිසා මෙය පිට රටක ඉන්න කෙනෙකුටනම් ඉතා පහසුවෙන් සාදා ගන්න පුළුවන් කෑමක්. වැලි තලප කියන්නේ නම් ගොඩාක්ම පැණි රස කෑමක් (ලංකාවේ ඉන්න අයට නම් වැලි තලප හාල් පිටි වලින් සාදා ගන්න හැටි අපේ මේ "ඉවුම් ඵිහුම්" ඇප් එකේ කතා කරලා තියෙනවා)

අවශ්‍ය දේවල්:
  • කුස් කුස් – වීදුරු කෝප්ප 1 ½ ක්
  • සීනි වීදුරු කෝප්ප ¾ ක්
  • ලුණු සුවල්පයක්
  • එනසාල් ඇට 2-3 ක්
  • ඩෙසිකට් මේස හැදි 4ක් (Desiccated coconut)
  • කිරි වීදුරු 1 ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කුස් කුස් හා ලුණු කලවම් කර ගන්න. හොදින් උතුරවා ගත් උණුසුම් කිරි හා කුස් කුස් කලවම් කර වසා තැම්බෙන්නට පසෙක තබන්න.
  • විනාඩි 5කට පමණ පසු ගෑරුප්පුවකින් කුස් කුස් ටික කඩා ගන්න.
  • තැම්බිලා මදි වගේ නම් වතුර ස්වල්පයක් එක් කර මයික්‍රොවේ අවන් එකක විනාඩි දෙකක් තියන්න (මයික්‍රොවේ අවන් නැත්නම් ලිපේ තියලා හරි හදා ගන්න පුළුවන්. කුස් කුස් වල කැට ගතිය නැති වෙන්න හොදට ගෑරුප්පුවකින් කඩා ගන්න)
  • දැන් වෙනම භාජනයක් ලිප තබා එයට සීනි මේස හැදි 4ක් එකතු කොට (පැණි) කැරමල් සාදා ගන්න.
  • එයටම ඉතුරු සීනි ටික හා වතුර කෝප්ප කාලක් පමණ එකතු කර නොනවත්වා කූරු ගාන්න.
  • කුඩුකරගත් එන්සාල් ස්වල්පයක්ද එකතු කරන්න.
  • ලිපේ ගින්දර හොදටම අඩු කරන්න.
  • ඔබ දැන් සාදා ගත් දුබුරු පාට පැණි එක බුබුළු දමමින් උතුරන කොට එයට ඩෙසිකට් එකතු කර කූරු ගාන්න.
  • මුලින් සාදා ගත් කුස් කුස් ටිකද දැන් එකතු කර හොදින් නොනවත්වා කලවම් කර ගන්න. (කුස් කුස් හා පැණි ඉතා හොදින් කලවම් කර ගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා මතක ඇතිව ගින්දර අඩු කරන්න.)
  • මිශ්‍රණය හැන්දේ ඇලෙන පදමට මඳ ගින්නේ හොදින් කූරු ගාන්න.
  • දැන් ලිපෙන් බා ලෑල්ලක් මත හෝ තෙල් කඩදාසියක් මත අතුරා ගන්න.
  • මඳක් නිවුණු පසු කැට කපා හොදින් නිවෙන්නට හැර ඔබේ තේ මේසයට පිළිගන්වන්න.

(කැට කැපූ සැණින් ඇලෙන සුලු වේ. ටිකක් නිවෙන්නට හරින්න එවිට ඝණකම් වේ.)

 ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment