About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mongolian Fried Rice - මොන්ගෝලියන් ෆ්රයිඩ් රයිස්

අවශ්‍ය දෙවල්: උයා ගත් බාස්මති 1kg කුඩවටට කැපූ කැරට් 100g ලීක්ස් 50g බෝන්චි 50g තක්කාලි 100g ලියා ගත් ලූනු…
Mongolian Fried Rice - මොන්ගෝලියන් ෆ්රයිඩ් රයිස්
අවශ්‍ය දෙවල්:
  • උයා ගත් බාස්මති 1kg
  • කුඩවටට කැපූ කැරට් 100g
  • ලීක්ස් 50g
  • බෝන්චි 50g
  • තක්කාලි 100g
  • ලියා ගත් ලූනු 50g
  • තලාගත් ඉගුරු සහ සුදුලූනු
  • කුඩා කෑලි කැපූ කුකුල් මස් 250g
  • හොදින් ගසා ගත් බිත්තර 3
  • කුඩවට කඩා ගත් කන්කුන් 200g
  • තක්කාලි සෝස් මේස හැදි 3
  • සෙසෙමි ඔයිල් මේස හැදි 2
  • මාලු සෝස් මේස හැදි 2
  • ඔඉස්ටෙර් සෝස් මේස හැදි 2
  • චිලී පේස්ට් මේස හැදි 4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තෙල් ලිපේ තියලා සුදූලුනු ඉගුරු දමා බැදෙන්න දෙන්න.
  • එයට බිත්තර දමා හොදින් බැදුනට පස්සෙ මස් ටික දාලා බැදගන්න.
  • දැන් චිලී පේස්ට් හා ගම්මිරිස් කුඩු දමා කලවම් කරන්න.
  • ඊට පස්සෙ ඉතින් කැරට් ලීක්ස් බෝන්චි (කැමති නම් ගෝවා මලුත් දාන්න) දාන්න.
  • ගින්දර ටිකක් වැඩි කරන්න.
  • එලවලු ටික තෙම්පරාදු උනාට පස්සෙ එයට සොස් වර්ග ටික, ලුනු ටිකක් දාල කලවම් කරල බත් එකතු කර කලවම් කරගන්න.
  • අන්තිමට කන් කුන් ,තක්කාලි සෙසෙමි ඔයිල් දාලා ටිකක් උඩ දාලා වැඩ දාලා හොදට කලවම් කර ගන්න.(හලා ගන්නවා එහෙම නෙමෙයි)
  • දැන් ගින්දර අඩූ කරන්න.
  • පියන වසා මද ගින්නෙ විනඩි 2ක් විතර තියන්න.

ලිපිය ලිව්වේ: වෙබ් අඩවියේ ඉරේෂා මධූ පෙරේරා මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment