- බණ්ඩක්කා සෝදා කෑලි කපා උතුරන වතුරට දමන්න.
- ඒකටම ලුණු හා සෝයා සෝස් තේ හැන්දක් දමා විනාඩි 3ක් පමන තබා කෑලි ටික ඉවත් කරගන්න.
- භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට තලාගත් සුදු ලූනූ දමා තෙම්පරාදු කරන්න.
- දැන් කපාගත් බී ලූනූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, තලාගත් ඉගුරු කෑල්ලක් එක්කරන්න.
- කහ කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු එක්කර කවලම් කරන්න.
- තක්කාලි සෝස් ටිකක් අවශ්‍ය නම් එකතු කරන්න.මම නම් දැම්මෙ නෑ.
- දැන් සියල්ල තෙම්පරාදු වන අතරේ බණ්ඩක්කා කෑලි එක්කර කවලම් කර කපාගත් තක්කාලි කැබලි එකතු කර ලිපෙන් බාන්න.
- බණ්ඩක්කා කෑලි හැපෙන ගානට තියෙන්න ඕනි.හරිම රසයි.
ලිපිය ලිව්වේ: කල්පනී මහේෂිකා මහත්මිය.