About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kunisso with Cashew Devel - කූනිස්සන් සහ කජු බැදුම

අවශ්‍ය දේවල්: වියළි කූනිස්සන් කෝප්පයක් වියලි කජු කෝප්පයක් ලොකු රටලූනු ගෙඩියක් කරපින්චා කෝප්ප බාගයක් කෑල…
Kunisso with Cashew Devel - කූනිස්සන් සහ කජු බැදුම
අවශ්‍ය දේවල්:
  • වියළි කූනිස්සන් කෝප්පයක්
  • වියලි කජු කෝප්පයක්
  • ලොකු රටලූනු ගෙඩියක්
  • කරපින්චා කෝප්ප බාගයක්
  • කෑලි මිරිස්
  • රස අනුව ලුනු
  • සීනි මේස හැදි බාගයක්
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • කූනිස්සන් හොදින් සෝදා ගන්න. සමහර කූනිස්සන්ගෙ වැලි තියන නිසා වැලි ඉවත් වෙනතුරුම කිහිපසැරයක් සෝදා ගන්න. ඉන්පසු වතුර ගතිය වේලෙන්න තියන්න.
  • කරපින්චා කොලත් සෝදා වතුර වියලෙන්න පැත්තකින් තියන්න.
  • රටලූනු කුඩාවට කපා ගන්න.
  • දැන් තෙල් තාච්චියක් ලිප තබා තෙල් දමන්න. මේ සේරම ගැඹුරු තෙලේ බදින්න ඕන නිසා ටිකක් වැඩිපුර තෙල් එකතු කරන්න.
  • තෙල් රත් වූ විට කූනිස්සන් දමා රන්වන් පැහැවනතෙක් බදින්න.
  • ටිශූ පේපර් එකක් මත බැදගත් කූනිස්සන් දාන්න තෙල් ඉවත් වෙනතුරු.
  • දැන් ඒ තෙලටම කජු දමා බැද ගන්න. කජු ගොඩක් කලු වෙනතුරු බදින්න එපා. රන්වන් පැහැවනවිට තෙලෙන් ඉවත් කරන්න.
  • රටලූනුත් ඒ විදියටම ගැඹුරු තෙලේ බැදල ගන්න.
  • කරපින්චා කොළත් මේ විදියටම බැද ගන්න.
  • අන්තිමට කැලි මිරිස්නුත් තෙල්වල බැද ගෙන හැන්දකින් ඉවත් කර ගන්න. ( කෑලි මිරිස් බදින කොට දැල්ල ගොඩක් අඩු කරල බදින්න. නැත්නම් ඉක්මනට පිච්චෙන්න ගන්නවා )
  • දැන් බාජනයක් අරගෙන බැදගත් කූනිස්සන්, කජු, කරපින්චා සහ බැදගත් කෑලිමිරිස් දමා හොදින් කලවම් කරන්න.
  • රස අනුව ලුනුසහ සීනි දමා නැවතත් කලවම් කරන්න.
  • නිවුනාට පසු වීදුරු බදුනක අසුරා කැමති විට පාවිච්චි කරන්න.

වැදගත්:
  • හොදට අසුරාගත්තොත් මෙය සති කිහිපයක් උනත් නරක් නොවී පාවිච්චි කරන්න පුලුවන් රසවත් බැදුමක්.

ලිපිය ලිව්වේ: ශිඛී රණසිංහ (katatarasata.lk) මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment