About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sweet & Spicy Soya Meat - ස්විට් ඇන්ඩ් ස්පයිසි සෝයාමීට්

මේ මම සෝයා මීට් හදා ගත් ක්‍රමයක්. මේ සෝයාමීට් එක පැණි රසයි. ඔයාලාට අවශ්‍ය නම් ස්පයිසි විදියට හදා ගන…
Sweet & Spicy Soya Meat - ස්විට් ඇන්ඩ් ස්පයිසි සෝයාමීට්

මේ මම සෝයා මීට් හදා ගත් ක්‍රමයක්. මේ සෝයාමීට් එක පැණි රසයි. ඔයාලාට අවශ්‍ය නම් ස්පයිසි විදියට හදා ගන්න පුලුවන්. හැමදාම එකම විදිහට හදන එකේ මේ විදිහටත් හදලා බලන්නකෝ.
 
 අවශ්‍ය දෙවල්:
  • සෝයාමීට් පැකට් 1
  • ඇට ඉවත් කොට හිනියට දිගැටි හැඩයට කපා ගත් කැප්සිකන් ටිකක්
  • ඇට ඉවත් කොට, හිනියට දිගැටි හැඩයට කපා ගත් තක්කාලි ගෙඩියක්
  • හිනියට කපා ගත් සුදුලුනු බික් 3-4
  • හිනියට කපා ගත් ලුනු ටිකක්
  • රස අනුව ලුණු
  • ඔයාලාට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු/මිරිස් කුඩු
  • සෝයා සෝස් ටිකක්
  • දුඹුරු (බ්‍රවුන්) සිනි ටිකක්
  • හනි ටිකක් (ඔයාලාට කැමති දෙයක් ගන්න)
  • සුදු තල ඇට ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින් සෝයාමීට් ටික හොද රස්නේ වතුර වලට දමා, විනාඩි 10 පමණ පෙගෙන්න දමන්න. එයට ලුණු ටිකකුත් දමා ගන්න.
  • දැන් විනාඩි 10කට පස්සේ එ වතුර ටික හොදින් මිරිකා ගන්න.
  • පසුව තාච්චියක් ලිපේ තියා එයට තෙල් වැඩිපුර දමා, හොදින් රත් වු පසු එයට සෝයාමීට් ටික දමා රන්වන් පාටට බැද ගන්න. ගොඩක්ම බදින්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදියට රන්වන් පාට වු විගස ඉවතට ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් වෙන්න දමා ගන්න.
  • පසුව එයටම හිනියට කපා ගත් සුදුලුනු ටික දමා බැදෙන්නට හැර, එකට සෝයා සෝස්, හනි හා බ්‍රවුන් සිනි දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • රස අනුව ලුණු ටිකක් වෙන්න දමා ගන්න.
  • පසුව රස අනුව ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • දැන් එයට කපා ගත් ලුනු/ තක්කාලි හා කැප්සිකන් ටික දමා හොදින් කලවම් කර, එයටම සෝයාමීට් ටිකත් කලවම් කර ටික වේලාවක් තියා, ලිපෙන් ඉවතට ගන්න.

වැදගත්:
  • ඔයාලාට ගොඩක්ම ස්පයිසි විදියට අවශ්‍ය නම් ගම්මිරිස් හා මිරිස් කුඩු මෙයට කලවම් කර ගන්න.


ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment