About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jelly Layer Pudding - ජෙලි ලේයර් පුඩිම

ඔන්න අද කට්ටියට කාලයක් පෙරුම් පුරලා හදපු ජෙලි ලේයර් පුඩිමක් ගෙනාවා. මේක කන්න හිතෙන්නේ නෑ. ඒ තරම්ම ල…
Jelly Layer Pudding - ජෙලි ලේයර් පුඩිම

ඔන්න අද කට්ටියට කාලයක් පෙරුම් පුරලා හදපු ජෙලි ලේයර් පුඩිමක් ගෙනාවා. මේක කන්න හිතෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි.
අවශ්‍ය දේවල්:
  • කැමති පාටවලින් ජෙලි කිහිපයක් (මම ගත්තේ ස්ට්‍රෝබෙරි සහ ග්‍රීන් ඇපල් රස ජෙලි)
  • පොඩි මිල්ක්මෙඩ් ටින් 1 ක්
  • ජෙලටින් මේස හැදි 2 ක්
  • උණුවතුර කප් 2 ක්
  • තව 100% ඉවසීම ඕන ඔන්න

සාදාගන්නා ආකාරය:
  • ජෙලි පැකට්ටුවේ ඇති උපදෙස් වල දක්වා ඇති වතුර ප්‍රමාණයට වඩා 50ml හෝ 100ml පමණ අඩුවෙන් වතුර භාවිතා කර ජෙලි සාදාගන්න. එම ජෙලි දියරය හොදින් නිවෙන්නට හරින්න. එතකොට ජෙලි සෙට් වෙන්න පහසුයි.
  • සුදු පාට ලේයර් සදහා උණුවතුර කප් දෙකක් ප්‍රමාණයට ජෙලටින් මේස හැදි 2 දමා හොදින් දිය කරගන්න. ඉන්පසු එයට මිලක්මේඩ් එකතු කර හොදින් මිශ්‍ර කර හොදින් නිවෙන්නට තබන්න (රස්නේ තිබුණොත් ජෙලි දියවෙන නිසා). මයික්‍රොවේව් එකේ පොඩ්ඩක් රත් කරලා ගත්තම ජෙලටින් හොදට දිය වෙනවා.
  • ඊළගට පුඩිං එක දමා ගන්න භාජනයක් ගෙන හොදින් බටර් තවර ගන්න. (මට අමතක උනා. පුදුම දුකක් වින්දා ගලවගන්න. ඒක නිසා ලස්සනට ආවෙ නෑ)
  • දැන් මුලින්ම ජෙලි තට්ටුවක් දමා සෙට් වෙන්න ශීතකරණයේ තියන්න.
  • එය හොදින් සවි වූ පසු හොදින් නිවුන මිල්ක්මෙඩ් ලේයර් එකක් එකතු කරන්න. එයත් ශීතකරණයේ තබා හොදින් සෙට් වූ පසු තව ජෙලි තට්ටුවක් දාන්න. මේ විදියට මිශ්‍රණ ඉවර වෙනකල් මාරුවෙන් මාරුවට මේ ආකාරයට ලේයර් දමා ගන්න.
  • ඉන්පසු හොදින් සවි වූ පසු පරිස්සමෙන් අනිත් පැත්ත හරවා ගන්න. අන්තිමට කන්න තමා ඉතින් තියෙන්නෙ.

වැදගත්:
  • මේ ලේයර්ස් සමානව හෝ අඩු වැඩි කරගන්න. ලස්සනට තියේවි. පාට කිහිපයක් එකතු උනාමත් ලස්සනයි.
ඔන්න කෑල්ලකුත් කැපුවා..



ලිපිය ලිව්වේ: Koshala Perera Wickramaarachchi මහත්මිය.
මුල් ලිපිය මෙතනින් බලාගන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment