About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Semolina Pudding - රුලං පුඩිම (නිර්මාංෂ පුඩිමකි)

අවශ්‍ය දේවල්: රුලං 100g සීනි 100g කිරි 1l (Fresh milk, Milk powder, Milkmaid) කරදමුංගු කරල් 4ක් රට ඉඳි ග…
Semolina Pudding - රුලං පුඩිම (නිර්මාංෂ පුඩිමකි)
අවශ්‍ය දේවල්:
  • රුලං 100g
  • සීනි 100g
  • කිරි 1l (Fresh milk, Milk powder, Milkmaid)
  • කරදමුංගු කරල් 4ක්
  • රට ඉඳි ගෙඩි 20ක් පමණ
  • කජු මද 20ක් පමණ
  • බටර් මේස හැදි 3ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • පළමුව බටර් රත් කර ගන්න.
  • එයට රුලං දමා රන් වන් පැහැ වන තුරු බැද ගන්න.
  • එයට කිරි මිශ්‍ර කර කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගා ගන්න.
  • පසුව සීනි, කුඩු කර ගත් කරදමුංගු මිශ්‍ර කර හැදි ගා ගන්න.
  • අවසානයේ දී කපා ගත් රට ඉදි, කජු මද එයට මිශ්‍ර කර ගන්න.
  • මිශ්‍රණය ඝන වන තුරු හොඳින් හැදි ගාමින් බස්සවා ගන්න.
  • පසුව උණුවෙන් හෝ ශීත කර ආහාරයට ගන්න.

වැදගත්:
  • කැමති නම් මෙයට කලරින් භාවිතා කර වර්ණ ගැන්විය හැකිය.
 
 හදලා ඉවර උනහම මෙන්න මේ වග තියෙයි. ඔයාලා චුට්ටක් සරසා ගන්න.

 නිර්මාංෂ පුඩිමක් හින්දා හැමෝටම කන්න පුලුවන්






ලිපිය ලිව්වේ: Kasunthi Amarasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment