About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Deviled Squids - දැල්ලෝ ඩෙවල්

අද දවල් කෑමට හදපු දැල්ලෝ ඩෙවල් එක. මේ විදිහට හදලා රසම රසයි. ඔයාලත් හදලා බලන්න. මම හැදුවේ මෙහෙමයි. අව…
Deviled Squids - දැල්ලෝ ඩෙවල්
අද දවල් කෑමට හදපු දැල්ලෝ ඩෙවල් එක. මේ විදිහට හදලා රසම රසයි. ඔයාලත් හදලා බලන්න. මම හැදුවේ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:
  • දැල්ලෝ 500g
  • ලොකු රටළුණු ගෙඩි 2
  • මාළුමිරිස් කරල් 3
  • අමුමිරිස් කරල් 3
  • තක්කාලි ගෙඩි 2
  • සුදුලූණු බික් 3
  • කරපිංචා
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • සීනි තේ හැදි 2ක්
  • ලුණු
  • සෝස් වර්ගයකින් මේස හැදි 4ක් (මම දැම්මේ චිලී සහ ගාලික් සෝස්)
  • තෙල් ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම දැල්ලෝ ටික හොදින් සුද්ද කර සෝදා ගන්න. ඉන්පසු එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බා ගන්න. රටළුණු, මාළුමිරිස්, අමුමිරිස් ද කපා පසෙකින් තබන්න. සුදුලූණු ටික හොදින් තලල ගන්න.
  • දැන් තම්බාගත් දැල්ලෝ ටිකේ වතුර හොදින් බේරා ගන්න.
  • භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එය රත් වූ පසු සුදුලූණු එක් කර පසුව දැල්ලෝ ටික එයට එක් කර ටික වේලාවක් බැදෙන්නට හරින්න.
  • ඉන්පසු එයට කරපිංචා, අමුමිරිස්, මාළුමිරිස් එක කර හොදින් කලවම් කරන්න.
  • විනාඩි 2ක් විතර ගියාට පසු ගම්මිරිස්, කෑලි මිරිස් එක් කර හොදට කලවම් කරන්න.
  • ඉන්පසු සීනි අවශ්‍ය පමණ, ලුණු සහ සෝස් එක් කර කලවම් කරන්න. අවශ්‍ය නම් වතුර ටිකක් එක් කරන්න.(ඉස්ම ගතිය වැඩියෙන් ඕනනම්)
  • පසුව රටළුණු ටිකද එක්කර ටික වේලාවක් ගිය පසු තක්කාලිද එක් කරන්න. මෙිවා වැඩිය තැම්බෙන්න දෙන්න එපා.
  • රටළුණු යන්තමින් තැම්බුනු පසු ලිපෙන් ඉවත් කරන්න.
  • ඔන්න දැන් දැල්ලෝ ඩෙවල් එක හරී..
 
  අන්තිමට මෙන්න මේ වගේ තියෙයි. මමනම් ඔන්න ටිකක් වෙනම දාගත්ත.








ලිපිය ලිව්වේ: Udula Jayawardana මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment